Jul 25, 2012

ආසියානු තරගාවලියට ලංකාව A කොටසෙන්

(SINGAPORE OUT) Mareesha Fernando of Sri Lanka tries to get control of the ball during the match between Barbados and Sri Lanka on day five of the 2011 World Netball Championships at Singapore Indoor Stadium on July 7, 2011 in Singapore.ගොස්තු 25 වන දා සිට 31 වන දා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවත්වීමට නියමිත 8 වන ආසියානු දැල් පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඒ කොටසෙන් තරග වදින බව සිංගප්පූරු දැල් පන්දු වෙබ් අඩවිය අනාවරණය කරයි.සිංගප්පූරුව සහ මැලේසියාව බී කොටසෙන් තරග වදින අතර ශ්‍රී ලංකාව තරග වදින ඒ කොටසේ තරග වදින සෙසු කණ්ඩායම් වන්නේ හොංකොං ,ඉන්දියාව,නේපාලය සහ ජපානය වන අතර ජපානය සහ නේපාලය ආසියානු තරගාවලියකට තරග වදින්නේ ප්‍රථම වතාවටය.එසේම වර්ථමාන ජගත් ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම කණ්ඩායම් 30 අතර හොංකොං නොමැති වීමත්,ඉන්දියාව සිටින්නේ 27 වන ස්ථානයේ වීමත් නිසා ශ්‍රී ලංකාවට සිය කොටසේ පළමු ස්ථානය දිනා ගැනීමට අපහසු නොවනු ඇත.
බී කොටසෙන් තරග වදින කණ්ඩායම් අතර සිංගප්පූරුව සහ මැලේසියාවට අමතරව පකිස්තානය,මාල දිවයින සහ බෘනායි සිටින අතර බෘනායි ආසියානු තරගාවලියට සහභාගි වන්නේ ද ප්‍රථම වරටය.එම කණ්ඩායමේ පුහුණුකාරිය වන්නේ හත්වන ආසියානු දැල්පන්දු සූරතාවලිය වන විට ආසියාවේ තෙවන තැන දක්වා පහත වැටී සිටි ශ්‍රී ලංකාව ආසියානු සූරියන් බවට පත් කරන්නටත් ජගත් ශ්‍රේණිගත කිරීම්වල 14 වන තැන දක්වා රැගෙන එන්නටත් මග පෙන් වූ පුහුනුකාරිය වන තිලකා ජිනදාස ය.ඒ අනුව ඇය ප්‍රබල දැල් පන්දු කණ්ඩායම් දෙකක් වන සිංගප්පූරුවට සහ මැලේසියාවට එරෙහිව සිය කණ්ඩායම ජයග්‍රහණය සදහා මෙහෙය විමට අපොහොසත් වුවත් පකිස්තානය සහ මාල දිවයින පරාජය කරමින් බෘනායි බී කාණ්ඩයේ තෙවන තැන දක්වා ගෙන ඒමට සමත් වුවහොත් එය ද ශ්‍රී ලාංකිකයන් වශයෙන් සතුටු වන්නට සහ ආඩම්බර වීමට කාරණයක් වනු ඇත.
www.supirikrida.com

No comments: