Jul 25, 2012

තිසර යළි ලංකාවට ජය මග පෙන්නයි


Thisara Perera picked up the dangerous Virat Kohli early
මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග දිනවන්නා ලෙස පන්දුවෙන් පිත්තෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද හාස්කම් පාන තිසර පෙරේරා ශ්‍රී ලංකා ඉන්දීය දෙවන එක්දින තරගයේ වීරයා වෙමින් යළිත් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන්නේය.කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට පිවිසි ඉන්දියාවට එරෙහිව පන්දු යැවීම ඇරඹූ ලසිත් මාලිංග සහ ඉසුරු උදාන ඔවුන්ට එරෙහිව පීඩනයක් ගොඩ නැගීමට අපොහොසත් වූ අතර එ අනුව පන්දු ඕවර් 3 ක් තුළ ලකුණු 31 ක් ලෙස දිස් වූ ඉන්දීය ලකුණු පූවරුවේ පොහොසත් පෙණුම එක් වරම වෙනසකට භාජනය කළ තිසර පන්දු යවමින්ම පෙරළා පැමිණි විශිෂ්ඨ උඩ පන්දුවකින් විරේන්ද්‍ර ෂෙවාග් පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකාව තරගයට ප්‍රවේශ කරමින්ය.
එපමණකින් නොනැවතුණු තිසර මෑත කාලයේ නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ විරාට් කෝලි ලකුණු 1 ට සහ සුරේෂ් රයිනා ලකුණු 1 ට ක්‍රීඩා පිටියෙන් ඉවත් කරීමට දායක වෙමින් ඉන්දීය ඉණිම සුන්නද්දූලි කිරීමේ කාර්යයේ පෙරමුණ ගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ගේ සහයෝගයද ඊට එකතු වීමෙන් ඉක්බිතිව ඉන්දීය ඉණිම ලකුණු 138 ට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.පෙරේරා ලකුණු 19 ට කඩුලු 3 ක් සහ මැතිව්ස් ලකුණු 14 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ඒ අතරින් අති විශිෂ්ඨ පන්දු යැවීමක මෙන්ම පන්දු රැකීමක නියැලි තිසර තරගයේ වීරයා විය.
ඉන්දිය ඉණිමේ නැංගුරම වූ ගෞතම් ගාම්භීර් ඉණිම අරඹමින් අවසාන කඩුල්ල ලෙස දැවී යද්දී ලකුණු 65 ක් එකතු කළ ද,ඔහුට ලකුණු දෙකක ඉලක්කම් ගණනකින් සහයෝගය දක්වන්නට සිටියේ  විරේන්ද්‍ර ෂෙවාග් (15), මහේන්ද්‍ර සිං දෝනි (11) සහ රවිචන්ද්‍රන් අශ්වින් (21) පමණි.
පිළිතුරු ඉණිම ඇරඹූ ශ්‍රී ලංකාවට පීඩනයකින් තොරව පන්දුවට පහර දීමට සැකසී තිබූ පරිසරය විශාල අස්වැසිල්ලක් වූ අතර ඒ අනුව පළමු කඩුල්ලට නව වන වරටත් ඩිල්ෂාන් සහ තරංග ශතකය ඉක්ම වූ සබදතාවයක් ගොඩ නගමින් පළමු කඩුල්ලට ලකුණු 119 ක් එකතු කළේ පන්දු ඕවර් 16.4 කින් ය.පන්දු 49 කින් ලකුණු 50 ක් රැස් කළ ඩිල්ෂාන් දැවී ගිය පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් (නොදැවී 10) සහ ආරම්භක පිතිකරුවෙකු ලෙස වගකීම් සහගත ඉණිමක් ක්‍රීඩා කළ උපුල් තරංග (නොදැවී 59) තරගයේ විසිවන පන්දු ඕවරයට පන්දුවක් ඉතිරිව තිබිය දී,ශ්‍රී ලංකාව ජයග්‍රහණයට පිවිසිණ.
තරගයේ සමස්ථ ලකුණු විස්තරය සදහා පහත සදහා සබදතාවයෙන් පිවිසීමට හැකිය. http://www.espncricinfo.com/sri-lanka-v-india-2012/engine/current/match/564782.html



No comments: