Jul 26, 2012

මංගල ඔලිම්පික් සටනේ ජය සත්කාරක එංගලන්තයට

න්ඩන් ඔලිම්පික් තරගාවලියේ තරග අරඹමින් පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර වූ කාන්තා පාපන්දු තරගයේ ජයග්‍රහණය එංගලන්තයට හිමි වුණා.ලකුණු 1-0 ක්‍ ලෙස නිමාවට පත් වූ මෙම තරගය උණුසුම් මුහුණු වරක් ගත් අතර තරගයේ ජය තහවුරු වූ ගෝලය වාර්තා වූයේ 64 වන මිනිත්තුවේදී ස්ටෙෆානි හවුටන් වෙතින් ය.
ලෝක සූර ජපානය සහ කැනඩාව අතර පැවති තරගයේදී ද ජපානයට තර්ජනයක් එල්ල වූ අතර කැනඩාව තරගය පරාජය වූයේ 1 - 2 ක් ලෙස ය.ජපානය වෙනුවෙන් කවාසුමි 33 වන විනාඩියේදී ත්,මියාමා 44 වන විනාඩියේදීත් ජපානය වෙනුවෙන් ගෝල් රැස් කරනු ලැබුවා.කැනඩාව වෙනුවෙන් ලැබූ ගෝලය 55 වන මිනිත්තුවේදී වාර්තා කළේ ටැන්ක්රෙඩිය
ඇමෙරිකාව සහ ප්‍රංශය අතර පැවති තරගයේ ජය හිමි වූයේ ඇමෙරිකාවට ය.එහි ලකුණු තත්ත්වය 4 - 2 ක් විය.එහිදී තරගය ඇරඹී 12 වන සහ 14 වන විනාඩි වල දී පිළිවෙලින් ගෝල ලබා ගත් තිනී සහ ඩෙලී ප්‍රංශය තරග ආරම්භයේදීම ඉදිරියෙන් තැබුවද,වැම්බැක් 19 වන විනාඩියේදී ද,මෝර්ගන් 32 සහ 66 වන මිනිත්තු වලදී ද ඇමෙරිකාවට ගොල් රැස් කර දීමට සමත් වූ අතර 56  වන විනාඩියේදී ලොයිඩ් ද ගෝලයක් ලබා ගත්තාය.
බ්‍රසීලය ද ඉතා පහසුවෙන් කැමරුන් පරාජය කරමින් 5-0 ක් ජයක් හිමි කර ගත් අතර ජගත් අවධානය ඉහළින්ම දිනා සිටින මාර්තා ගෝල ද්විත්වයක් වාර්තා කළේ 73 වන සහ 88 වන විනාඩි වලදීය.ප්‍රැන්සිලේ,රෙන්ටාකොස්තා සහ ක්‍රිස්ටීන් විසින පිළිවෙළින් 7,10,සහ 80 යන විනාඩි වල දී බ්‍රසීලයට ගෝල් ලබා දුන්නා.ආරම්භක දිනයේ ගෝල ද්විත්වයන් හතරක් වාර්තා වූ අතර එහි තෙවැන්න ස්වීඩනයේ ෂෙලීන් විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කළා.ඊට අමතරව ස්වීඩනය වෙනුවෙන් පිචර් සහ ඩල්විස්ට් ද ගෝල ලබා ගැනීම නිසා දකුනු අප්‍රිතාවට එරෙහිව සිවීඩනය රැස් කළ ගෝල ප්‍රමාණය 4 ක් වූ අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් මොඩිස් එක් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුණා.
මේ අතර ඊයේ දෙවන ආසියාතික ජයග්‍රහණය තහවුරු කළ උතුරු කොරියානු ක්‍රීඩිකාවන් කොළොම්බියාව පරාජය කරමින් ගෝල 2-0 ක් ලෙස ජය ගත් අතර එහිදී ආරම්භක දිනයේ දී වාර්තා වූ සිව්වන ගෝල ද්විතවය හිමිකර ගැනීමට එස්එච් කිම් සමත් වුණා.
ඡායාරූපයේ දැක්වෙන්නේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවති තරගයේදී මෙවර තරගාවලියේ වාර්තා වූ ප්‍රථම ගෝලය ලබා ගත් එංගලන්තයේ ස්ටෙෆානි හවුටන් (3) ගෝලය ලබා ගැනීමෙන් ඉනික්බිති සිය කණ්ඩායම් සගයන් සමග සතුට බෙදා ගත් අයුරුයි.අද පිරිමි පාපන්දු අංශයේ තරග අටක් පැවත්වෙන අතර ඒ යටතේ හොන්ඩුරස් සහ මොරොක්කෝවත්,මෙක්සිකෝව සහ කොරියාවත් තරග වැදීමට නියමිතයි.ස්පාඤ්ඤයට එරෙහිව තරග වදින්නේ ජපානය යි.සවුදි අරාබියාව සහ උරුගුවේ කණ්ඩායම් තරග වදින අතර ගැබොන් සහ ස්විට්සර්ලන්තය තරග වැදීමට නියමිතයි.නවසීලන්තය සහ බෙලාරුස් අතර තරගයෙන් පසුව බ්‍රසීලය සහ ඊජිප්තුව තරග වැදීමට නියමිත අතර අද පැවත්වීමට නියමිත පිරිමි පාපන්දු අංශයේ අවසාන තරගය පැවත්වෙන්නේ සත්කාරක බ්‍රිතාන්‍යය සහ සෙනෙගාල් අතරයි.
www.supirikrida.com

No comments: