Jul 28, 2012

බලය වෙනුවට රසය මතු කළ ආදරණිය ලන්ඩන් සමාරම්භය

Spectacular sights mark the opening of the Gamesලොවෙන් අඩක් සියතට ගෙන සිටි රණකාමී අතීතයේ ගිලී එය අභිමානයෙන් සමරන්නට යාමේ දුර්දාන්ත ආශ්වාදය විදිනු වෙනුවට ලන්ඩන් සමාරම්භය සමරන්නට එංගලන්තය තෝරා ගෙන තිබුණේ ආදරණීය ආශ්වාදයක් තිළිණ කළ රසවත් සමාරම්භයකි.එංගලන්තයේ නැගී සිටීම ප්‍රාථමික අවධියේ සිට සිදුවීමට බල පෑ මානව ශක්තිය සහ කැපවීම ඇගයීමට ලක් කළ සමාරම්භක උළෙලේ ඊ ළග පියවර වෙන් වූයේ එංගලන්තයෙන් මතුව ලෝකය රසවත් කළ කලාකරුවන්ගේ සහ කලා නිර්මාණ වල අගය ස්මරණය කිරීම පිණිස ජගත් වේදිකාවක් සැකසීමට ය.
තාක්ෂණය භාවිතා වුව ද එය මිනිස් ක්‍රියාකාරකම් පැහැදිළිව හදුනා ගැනීමට උපකාරකයක් ලෙස භාවිතා වුණා විනා තාක්ෂනයෙන් පෙළහර පෑමට උත්සාහ කළ බවක් නොපෙණින.නර්ථනය මෙන්ම රංගනයට ද විශේෂ අවධානයක් යොමු කර තිබූ අතිශයින් දැවැන්ත වූ සමාරම්භක උළෙලකි.නමුත් එයට දී තිබූ සරල හැඩය නිසා එය සරල බව විසින් දැවැන්ත බව සගවා ගත් මනහරම සමාරම්භක උළෙලක් ලෙස දැකිය .
එසේම මෙම සමාරම්භක උළෙල තුළ සම අයිතීන් සුරැකීමට යොදා තිබූ අවධානය අති විශිෂ්ඨය.සෑම අංගයකදීම පාහේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයක්ගේ හැකියාවන් ඒ සමග මුසු කිරීමට කටයුතු යොදා තිබිණ.එසේම ඔලිම්පික් ධජය ඔසවන ස්ථානයට කැදවා තිබූ ලොව බිහි වූ සුපිරිතම බොක්සිං ක්‍රීඩකයා බවට පිළි ගැනෙන මොහොමඩ් අලීට එම ධජයට අත තබන්නට යැයි කියූ ඉල්ලීම ඇසෙන්නටවත් එය දකින්නටවත් සංනිවේදන ශක්තියක් නොමැති වීම දෑසට කදුළු නංවන සුළු එකක් විය.මානව සමානත්මතාවය ඉහලින් අගය කළ අලි, වර්ගයකට එරෙහිව යුධ ප්‍රකාශ කළ විට රජය වෙනුවෙන් එයට සහභාගි වීම ප්‍රතික්ෂේප කරන්නට තරම් ශක්තියක් සහ ප්‍රතිපත්තී ඇති අයෙකු වී සිටියේය.ඒ නිසාම සිය ඔලිම්පික් පදක්කම ගගට වීසි කරන්නටත්,ඒ වෙනුවෙන් හිරබත් කන්නටත් තීරණය කළ අලි වැනි නිර්භීත ශක්තිවන්තයෙකු ගේ දෑතට,දෑසට සංනිවේදනයක් නොදැනීම කෙතරම් වේදනාබර විය හැකිද?
ටයිකොන්ඩො ක්‍රීඩිකා සාරා ස්ටීවන්සන් විසින් ක්‍රීඩක ප්‍රතිඥාවද,බොක්සිං විනිසුරු මික් බාසි විනිසුරු ප්‍රතිඥාවද ලබා දුන් අතර යොවුන් කැළකගේ දෑතින් ලද ආලෝකය තුරුළු කරගෙන ඔලිම්පික් පහන ආලෝකවත් වන්නට  විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික ධජය ගත් නිලූක කරුනාරත්නගේ කණ්ඩායම් නායකත්වය යටතේ සමාරම්භක පෙරහැරට එක් වී සිටිය අතර,ජාතික අනන්‍යතාවය තහවුරු කරන කාන්තා සහ පිරිමි විලාසිතාවක් මෙන්ම ඊට ඔබින වර්ණ සංකලනයකින් ද යුත්ඇගලුම, ලාකේය ක්‍රීඩක සහ නිලධාරි කණ්ඩායම ආකර්ශණිය ස්වරූපයක් ලබා දුන්නේය.නමුත් ඒ ආකර්ශණීය හැඩයට වෙනස් යුරෝපීය ඇදුමක් සොදුරු පිරිස මැද තිබුණෙන් ඒ අලංකාරයට වඩා වෙනස් දේ වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවීම කණගාටුදායක විය.ඒ නොගැලපෙන වැඩේ යෙදුණේ කණ්ඩායම් ප්‍රධානි දේවා හෙන්රිම වීමද අපේ යාන්ත්‍රණයේ හැඩතල පෙන්වීමක් ලෙස හැදින්විය හැකි අතර කතාවට තමා සම්මතයේ පිහිටා ඔවා දෙනු පරහට යන්න කීවද දේවා එය එසේ නොව තමන් කෙසේ සිටියත් පරහට ඔවා දෙන පංතියේ වරප්‍රසාදිතයෙකු බව පැහැදිළි කළේය.
www.supirikrida.com

No comments: