Jul 26, 2012

බැඩ්මින්ටන් සංගමයට සහ යතුරු පැදි ධාවකයන්ගේ සංගමයට ඇමතිගෙන් දොස්

බැඩ්මින්ටන් සංගමයට සහ යතුරු පැදි  සංගමයට එල්ල වන  චෝදනා පිලිබදව ඔවුන් කැද වු ක්‍රීඩා අමාත්‍යවරයා ඇති වී තිබෙන තත්ත්වයන් වහාම වෙනස් කළ යුතු බවට අවවාද කර ඇත.බැඩ්මින්ටන් සංගමයේ තේරීම් පවත්වන ආකාරය පිළිබදවද,ඊට අනවශ්‍යය ආකාරයෙන් දෙමව්පියන් මැදිහත් වීම ආදියද වහාම වෙනස් කිරීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දැණුම් දී ඇත.එසේම සීඝ්‍ර ලෙස පිරිහෙමින් පවතින ක්‍රීඩාවේ විනය ආරක්ෂා කිරිම පිළිබදව සංගමයේ අවධානය යොමුකරන ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සංගමයේ නිලධාරීන්ට අවවාද දී ඇත.
එසේම දේශිය තරග සදහා විදේශීය යතුරුපැදි ධාවකයන් කැදවා ඔවුන්ට විශේෂ වරප්‍රසාද ලබාදිම සහ දේශීය තරගකරුවන් නොසළකා හැරීමෙන් ලංකාවේ යතුරුපැදි ක්‍රීඩාවට සහ ක්‍රීඩකයන්ට ඇතිවන අපහසුතාවය සැළකිල්ලට ගත් අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් ජාතික තරගාවලියක් පැවත්වීමට කටයුතු කරන ලෙස සංගමයට නියම කර ඇත.ක්‍රීඩා අමාත්‍යංහයෙන් ධාවන පථයක් ඉදිකිරිම පිළිබදවද ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති අතර සංගමය සහ යුද හමුදාව එක්ව තරග සංවිධානය කළ ද ක්‍රීඩක දක්ෂතා ඇගයීම සහ වර්ධනය පිණිස කිසිදු ක්‍රියා මාර්ගයක් නොගෙන තිබිම ගැනද ක්‍රීඩා අමාත්‍යවරයා කණස්සල්ල පළ කර තිබෙන අතර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මේ පිලිබදව සිය අවධානය යොමුකර ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ දස්කම් ඇගයිමට පියවර ගැනීම සදහා ආරක්ෂක හමුදාවන් සංවිධානය කරන තරග වලදී මැදිහත් විය යුතු බව දැණුම් දීමට නියමිත බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.එසේම මෑත කාලයේ මීට විරෝධය ප්‍රකාශ කරමින් යතුරු පැදි ධාවකයන් තරගයක් වර්ජනය කර තිබෙන බවද යළි එවැනි තත්ත්වයක් ඇතිවීම වැළක්වීමට යතුරුපැදි ධාවකයන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සදහා තරග සංවිධානය කරන ආරක්ෂක අංශවල අවධානය යොමු කිරීමට ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වීමට නියමිත බවද එම තොරතුරු අනාවරණය කරයි.

No comments: