Jul 24, 2012

ජවන හා පිටිය ලංකා බැංකු ගිණුමට


ලාංකේය මලල ක්‍රීඩාවේ අනුග්‍රාහකයා ලෙස නිල වශයෙන් ලංකා බැංකුව කටයුතු කරන බවට සහතික කරන  ගිවිසුම මලල ක්‍රීඩා සංගමයේ ලේකම් රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ ලංකා බැංකුවේ වැඩ බලන අලෙවි ප්‍රධානි ටී මුතුගල විසින් ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේ දී අත්සන් තබන්නට යෙදුණා.ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරග සංවිධානය,සංචාර,ක්‍රිඩාවේ ප්‍රවර්ධන කටයුතු සහ පරිපාලන කටයුතු සදහා වසරකට මෙම ගිවිසුම අනුව ලංකා බැංකුවෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලැබෙන්නට නියමිත මුදල මිලියන 23 ක් වෙනවා.
වසරක් සදහා සැපයෙන මෙම අනුග්‍රාහකත්වය පස් වසරක්ට දිගු  කරන ලෙස මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක මෙන්ම ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද ඉල්ලීමට ලංකා බැංකු සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහයන්ගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය ද මෙහිදී ලාකේය මලල ක්‍රීඩාවේ අනාගතය පිළිබදව සුභවාදි බලාපොරොත්තු තැබිය හැකි සංඥාවක් ලෙස හැදින්විය හැකියි.
ඡායාරූපයේ දැක්වෙන්නේ රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු සහ ටී තලගල විසින් එම ගිවිසුමට අත්සන් තැබු අවස්ථාව වන අතර ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,ලංකා බැංකු සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ,ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි,මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක ද ඡායාරූපයේ වෙති.

No comments: