Jul 15, 2012

සෙන්පති සුදත් මඩුගල්ල යළි පුහුණුකරු සංගමයේ සභාපති පුටුවට

ලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයට යළිත් නිතරගයෙන් සෙන්පති සුදත් මඩුගල්ල තේරී පත්වී සිටින අතර නැවත ලේකම් ධුරය සදහා තේරී පත් වී ඇත්තේ වයිකේ කුලරත්නය.මඩුගල්ල ශ්‍රී ලංකා රතු කරුස සමාජයේ වර්ථමාන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දරන අතර www.supirikrida.com වෙබ් අඩවිය ආරම්භයේ පටන්ම එහි ගරු අනුශාසකවරයා ලෙස ද කටයුතු කරන්නේය.
මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකුව සිට මේ වසරේ තරග කිරීමෙන් ඉවත් වූ සුදත් මඩුගල්ල ක්‍රීඩකයන්ට ආර්ථික වශයෙන් විශාල පිටුවහලක් වු ශ්‍රී ලංකා රතු කුරුස සමාජ මලල ක්‍රීඩා තරගාවලිය සංවිධානය කිරීමෙහිලා මූලීකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයා වන අතර හෙතෙම දැනට ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනයේ ලේකම් ධූරය හොබවන අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වෙයි. www.supirikrida.com

No comments: