Jul 21, 2012

ඉන්දියාවේ හැකියාවන් සමග තරග වදින්නට ලංකාව වාසනාවන්තයින් සමග පිටියට

න්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක් දින තරගාවලිය අරඹමින් අද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වෙන තරගය ඉන්දියාවට විශේෂිත තරගයක් වන්නේ එය ඔවුන් එම ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරන ප්‍රථම තරගය නිසා විය හැකියි.ඉන්දියාව අද තරගයට ජ්‍යෙෂ්ඨත්වයට වඩා වර්ථමාන දක්ෂතාවයන් සළකා බලා සකස් කර ගත් කණ්ඩායමක් සමග තරගයට පිවිසෙන විට ශ්‍රී ලංකා අද්භූත   කමිටුවේ  වාසනාවන්තයින් කිහිප දෙනෙකුට හම්බ කිරීමේ අවස්ථා උදා කිරීමේ තේරීම් කිහිපයක් ද සමග තරග බිමට පිවිසෙනවා.
මෙවර ඒ භාග්‍යය උදා කර දී තිබෙන ප්‍රධානතම ක්‍රීඩකයා වන්නේ චාමර කපුගෙදරයි.ඔහුගේ ආසන්නම සංචාරය වූ දකුණු අප්‍රිකා සංචාරයේදී පරාජිත ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක ක්‍රීඩකයන් අතර සිටි චාමර තරග දෙකකදී ම බින්දුවට දැවී ගිය අතර මුළු තරගාවලියේ තරග හතරක් තුළ ඔහු රැස් කර ලකුණු ප්‍රමාණය වූයේ 45 ක් පමණයි.එක් අවස්ථාවකදි පන්දු 2 ක්ට පමණක් මුහුණ දුන් චාමර තවත් අවස්ථාවක දී පළමු පන්දුවෙනම දැවී ගියා.යම් තරමකට සාර්ථක ව තරගයේදී පන්දු 45 ක් තුළ ලකුණු 37 ක් ලැබූවත් යළිත් අවසාන තරගයේ දී පන්දු 27 ක වැය කර ලකුණු 8 ට දැවී ගියා.
තරගාවලිය පුරාම යම් දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළේ නම් කණ්ඩායමේ නායකත්වය ද දැරූ දිමුත් කරුණාරත්න පමණක් වන අතර ඔහු මේ තරගාවලියේ දී මැද පෙළ පිතිකරුවෙකු ලෙස අත්හදා බැලීම වෙනුවට දක්ෂතා අතර නැති චාමරට වාසනාව උදා කරදීමට වැඩි කැමැත්තක් දැක්වීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.තරගාවලියකින් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට විශාල මුදලක් ලැබෙන නිසා එවැනි තරගාවලියක දී බංකුවක ඉද ගෙන සිටීමට ලැබිමත් ක්‍රීඩයෙකුට ආර්ථික වශයෙන් විශාල ලාභයක් ගෙන දෙන්නක් වන බව කිව යුතුයි.එවැනි තත්ත්වයක දක්ෂතා අතර නැති න්‍රීඩකයන් තේරීම යනු ආර්ථික වශයෙන් ක්‍රීඩකයාට ලඅබෙන විශාල අවස්ථාවක් වන නසා එවැනි ආර්ථිකමය වශයෙන් අයෙකුට ශක්තියක් වීම පිටුපස වෙන යම් අයථා කටයුත්තකට තේරීම් කමිටුව හෝ එහි සාමාජිකයෙක් හෝ කිහිප දෙනෙකු සම්බන්ධ ද යන්න සොයා බැලීමක් අවශ්‍යය කර තිබෙනවා.
www.supirikrida.com

No comments: