Jul 15, 2012

සමන් ජයන්ත සහ තේරීම් කමිටුවේ අන්ධයාගේ තොරණ ගැන ඇමති අවධානයට


ශ්‍රී ලංකාවේ අවසාන වරට පැවති 20 - 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ සමන් ජයන්ත ශ්‍රී ලංකාවේ පැවත්වෙන SLPL 20 - 20 තරගාවලියේ දී කිසිදු කණ්ඩායමකට ඇතුළත් කිරීමට කටයුතු කර නැති අතර මේ පිළිබදව මාධ්‍ය කිහිපයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කිරීමට සූදානම් බව ද සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.ක්‍රීඩයන් තෝරා ගැනීමට කටයුතු කළ තේරිම් කමිටුවේ නිලධාරීන් මේ සදහා පසුගිය තොරතුරු ගවේශණය කිරීම කෙතරම් නොසැළකිල්ලෙන් කර ඇත්දැයි තේරුම් ගැනීමට එහිදී සමන් ජයන්ත පිළිබදව විමසිමෙදි එම තේරීම් කළ අයෙකු සමන් ජයන්ත අවසානයට පැවති තරගාවලියට ක්‍රීඩා කර ඇත්දැයි විමසීම කදිම උදාහරණයකි.
විශාල මුදල් සංසරණයක් සිදුවන මෙවැනි තරගාවලියක දී ආසන්නම දක්ෂතාවයන් නිරීක්ෂණයේදී ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා පිළිබදව තේරීම් කමිටුව නොදැන සිටීම මෙන්ම නොසළකා සිටීම ද,හාස්‍යයට මෙන්ම සැක උපදවන කරුණකි.මේ සම්බන්ධයෙන් ක්‍රිකට් තරගාවලියේ සංවිධානය මෙන්ම ක්‍රීඩා පරිපාලනයද අවධානය යොමු කිරීම සහ පරීක්ෂණයක් පැවත්වීම අත්‍යවශ්‍යය බව අපගේ මතයයි.
www.supirikrida.com

No comments: