Jul 21, 2012

පොළොන්නරුවට එන අයට පිපාසෙන් ඉන්න වෙන්නේ නැහැ - සුධර්මා ජයවර්ධන

මෙවර පාසල්  මයිලෝ දැල් පන්දු තරගාවලියේ අවසාන තරග සදහා පොළොන්නරුව ප්‍රදේශයේ පවතින දැඩි නියගය විශාල ගැටළුවක් වනු ඇති බව විශ්වාස කළත් දැන් එම තත්ත්වය සම්පූර්ණයෙන් පහවී ඇති බවත් තරගාවලියකට පහසුවන කිසිවෙකුට ජලයෙන් ගැටළුවක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමට තම සංගමය පොරොන්දු වන බවත් පාසල් දැල් පන්දු සම්මේලනයේ ලේකම් සුධර්මා ජයවර්ධන පවසයි.
මෙවර තරගාවලියේ අවසාන තරග පිළිබදව දැණුම් දීමට කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය විය
උතුරු නැගන හිර ප්‍රදේශයෙන් වෙනදාට වඩා විශාල සහභාගීත්වයක් දකින්නට ලැබුණ ද යාපනය තරග වල දී අවුරුදු 12 න් පහළ කිසිදු කණ්ඩායමක් දකින්නට නොලැබීම කණ්ගාටුදායක තත්ත්වයක් බව මෙහිදී සුධර්මා පැහැදිළි කළාය.මෙවර ඕස්ට්‍රේලියානු චැටර්ලි තරගාවලියේදී රතු අංශයේ ජයග්‍රාහිකාවන් වීමෙන් ශ්‍රී ලංකා දැල් පන්දුව ඉදිරි පියවරක් තැබූ බව පැහැදිළි කළ සභාපතිණිය සෝමා මුණසිංහ මෙන්ම ලේකම් වරිය ද පැහැදිළි කළේ එම තරගාවලිය සදහා කණ්ඩායම තෝරා ගනු ලබන්නේ තනිකරම මයිලෝ තරග වලදී දක්ෂතා දක්වන ක්‍රීඩිකාවන් අතරින් බවත් අවධාරණය කළේය.
එම තරග වලට සහභාගි වීම පිළිබදව මාධය දැනුවත් කිරීම නිවැරදිව සිදු නොවන බවට මාධය විසින් කරන ලද චෝදනාවට මැදිහත් කරුවෙකු ලෙස  දායක වීමට නෙස්ට්ලේ සමාගම ට ඇති හැකියාව පැහැදිළි කළ එම සමාගමේ බන්දුල එගොඩගේ ප්‍රකාශ කළේ මින් අනතුරුව එම දැන්වීම පාසල් සංගමයෙන් ලබා ගෙන මාධ්‍යයට දැණුම් දීමට තම ආයතනයට මැදිහත් විය හැකි බවය.
මෙවර මයිලෝ අවසාන තරග සමාරම්භය නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් ගේ ප්‍රධානත්වයෙන් සහ සමාප්ත සමාචාර උත්සවය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතය.ඒ සදහා ප්‍රාදේශීය දේශපාලන නායකාදීන් මෙන්ම අධයාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ  රෝහණ කරුණාරත්න මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයසේකර ද සහබාගි වීමට නියමිතය.තරගාවලිය මෙම 28 සිට 30 දා දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී ක්‍රියාවට නැගෙන්නට නියමිතය.

No comments: