Jul 16, 2012

ලයන් වොරියර් කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල 22 දා

ලාංකේය ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් වර්ධනයට අවශ්‍යය ශාරිරික හැඩය පෝෂණය කිරීමෙහි ලා කැප වෙන ලයන් වොරියර් වැඩ සටහන ට සමගාමීව කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කරනු පිණිස පවත්වන්නට යෙදෙන ලයන් වොරියර් කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල ජූලි 22 දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පවත් වන්නට කටයුතු යොදා ඇත.මේ වන විටත් ශාරීරික වර්ධනය සහ පෝෂණය සහ ක්‍රීඩා ඇදුම් ආදී ක්‍රීඩාවට අත්‍යවශ්‍ය අංග ගණනාවක් ආවරණය වන පරිදි  මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, කායවර්ධන, රගර්, වොලිබෝල්, ටෙනිස්,පිහිණුම් සහ ජූඩෝ වැනි ක්‍රීඩාවන් හී නියැලෙන ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 පමණට සිය අනුග්‍රාහකත්වයේ දෑත දිගු කර ඇති ලයන් වොරියර් මෙම ක්‍රීඩා උළෙල ආශ්‍රිතව රටේ මලල ක්‍රීඩාවේ නැවුම් ප්‍රමෝධයක් ඇති කිරීම කෙරෙහි සිය අවධානය යොමු තරමින් යහපත් ප්‍රවේශයක් ලබා ගැනීම අපේක්ෂා කරන්නේය.

තරගාවලියේ ජාතික වාර්තාලාභීන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ඒ සදහා ජාතික මට්ටමේ පරිසාධන මට්ටම් සැකසීමටත්ඒවා ඒ,බී සහ සී ලෙස වර්ගීකරණය කර රුපියල් 100000,50000,සහ 25000 ලෙස මුදල් ත්‍යාග පිරී නැමීමටත් කටයුතු යොදා ඇත.සෑම තරගයකම හොදම අටදෙනා වෙත සහතික පිරිනැමීම මෙන්ම ප්‍රථම තිදෙනාට සහතික සහ පදක්කම් පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

තරගාවලියේ හොදම දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනා තෝරා ඔවුන්ට ලයන් වොරියර් අනුග්‍රාහකත්වය පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර,කොළම දිස්ත්‍රික්කයේ එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සළකා බලා තෝරා ගන්නා පස් දෙනෙකුට සිය ශක්ති වර්ධන සහ කායවර්ධන කටයුතු සදහා පවර් වර්ල්ඩ් ආයතනයෙන් මසකට රුපියල් 15000 ක් වටිනා සාමාජිකත්වයක් වර්ෂයක කාලයකට ප්‍රදානය කෙරෙනු ඇත.

ඒ වගේම ඉහළ දක්ෂතා දක්වන පුහුණුකරුවන් අට දෙනෙකුට විශේෂ ත්‍යාග හිමිවන අතර තරගාවලියේ අයදුම්පත් කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරීන් හරහා ලබා ගැනීමට අවශ්‍යය පහසුකම් සළසා ඇති අතර අවශ්‍යය අය සදහා www.supirikrida.com වෙබ් අඩවියෙන් ද අයදුම්පත්‍රය ලබා ගැනීමට පහසුකම් සළසා ඇත.

No comments: