Jul 18, 2012

වසරේ හොදම කාලය ෆෙලික්ස්ගෙන්


මීටර් 200 කාන්තා ඉසව්වේ මේ වසරේ වාර්තා වූ හොදම කාලය ලෙස තත්පර 21.69 ක් තාලයක් වාර්තා කරන්නට ඇලිසන් ෆෙලික්ස් සමත් වුණා.ඇමෙරිකාවේ එයුජින් හී පැවති තරගයක දී ඇයට මෙම දස්කම පෑමට හැකියාව ලැබුණා.වර්ථමානයේ ලොව සිටින සුපිරිතම කෙටි ධාවන සූරියක වන ෆෙලික්ස් මීටර් 100,200 සහ 400 යන ඉසව් ත්‍රිත්වයෙන්ම දක්ෂතා දක්වන අතර ඇය මෙවර සිය තෙවන ඔලිම්පික් තරගාවලිය නියෝජනයට සූදානම් වෙනවා.
කෙතරම් දක්ෂතා දැක්වුව ද තවමත් ඔලිම්පික් රන් පදක්කමක් කේවල ඉසව්වකින් දිනා ගැනීමට අපොහොසත්ව සිටින ඇලිසන් ෆෙලික්ස් සතු එතම ඔලිම්පික් රන් පදක්කම 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 400 සහය දිවීම වෙනුවෙන් දිනා ගෙන තිබෙනවා.නමුත් ෆෙලික්ස් මිටර් 200 සදහා 2004 දී මෙන්ම 2008 දී ද රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ෆෙලික්ස් මේ වසරේ හොදම කාලය වාර්තා කළ මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව (තත්පර 21.34)  ෆ්ලොරන්ස් ග්‍රිපිත් ජොයිනර් සතු වන අතර එම ඉසව්වේ ඊ ළගට ඇති හොදම කාලය වන තත්පර 21.56 ද වාර්තා කර ඇත්තේ ඇයම යි.එහි තවත් විශේෂත්වයක් වන්නේ ඇය 1988 සියොල් ඔලිම්පික් උළෙලේදී එකම දිනයක් තුළ මෙම කාලයන් දෙකම නව ලෝක වාර්තා ලෙස වාර්තා කර තිබිමයි.එතැන් සිට මීටර් 200 ඉසව්වේ ෆෙලික්ස් වාර්තා කළ කාලය එම ඉසව්වේ ලොව වාර්තා වූ හොදම හයවන කාලය ලෙස සැළකෙනවා.
ෆෙලික්ස් ට ඉදිරියෙන් ජොයිනර් විසින් වාර්තා කළ කාලයට පසුව තෙවන හොදම කාලය වශයෙන් දැකිය හැකි වන්නේ මේරියන්ස් ජෝන්ස්  විසින් වාර්තා කර තිබෙන තත්පර 21.62 වන අතර අනතුරුව තත්පර 21.64 සහ 21.66 ලෙස සිව්වන සහ පස්වන හොදම කාලයන් ජැමෙයිකාවේ මර්ලින් ඔටේ විසින් වාර්තා කර තිබෙනවා.

1 comment:

Sumith Niriella said...

පොස්ට් එක කියෙව්වා. අපේ පැත්තෙත් ඇවිත් යන්න