මලල ක්‍රීඩා නිලවරණය සදහා ඉදිරිපත් වූ අපේක්ෂකයන් බොහෝ
පිරිසක් අද නිලවරණය පැවත්වෙන මොහොත වන විට ඉල්ලා අස්වනු ඇති බවට මලල ක්‍රිඩා
කේෂ්ත්‍රය සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.මේ අතරින් පළමුවම හිටපු සභාපතිවරයෙකු වූ
කර්නල් සුදත් මඩුගල්ල ගේ ඉල්ලා අස්වීම සිදු වූ අතර ඔහු යම් යම් සිදුවීම්
සම්බන්ධයෙන් ඇති වූ කළකිරීම් මත එම තීරණය ගත් බව ප්‍රකාශ කළේය.අප වෙබ් අඩවියේ ද
ගරු අනුශාසකවරයා වූ මඩුගල්ලයන් හිටපු මලල ක්‍රීඩා ප්‍රධානියාගේ නියෝජිතයා ලෙස
ඇතැම් පිරිස් විසින් හදුන්වා දෙන්නට උත්සාහ කළ අතර නමුත් එම පරිපාලන ප්‍රධානියාට
සෘජුව විෂයානුබද්ධව අභියෝග කළ මාධ්‍ය අතර පෙරමුණේ සිටි වෙබ් අඩවියට ඔහුගේ
උපදේශකත්වයෙන් කිසිදු වෙනස් කිරීමක් වෙනුවෙන් වචනයකින් හෝ බලපෑමක් නොවුණු බව දැඩි
විශ්වාසයෙන් පවසන්නේය.
මේ අනුව යමෙකු අත උස්සා ඡන්දය ප්‍රකාශ කිරීමට එරෙහිව
විරෝධය පාමින් ද,ඇතැම් පිරිස් නීතීමය තත්ත්වයන් අනුව ඡන්දයට ඉදිරිපත් වීමට නොහැකි
තත්ත්වයන් තේරුම් ගෙන ද මෙම ඉල්ලා අස්වීම් ප්‍රකාශ කිරීමට නියමිතය.පසුගිය දිනවල
මෙම නිලවරණය නිසා බොහෝ දිස්ත්‍රික් සංගම් සහ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ නියෝජිතයන්ට සාද වලින් අඩු නැති කාලයන් වූ අතර ඇතැම් අපේකෂකයන් විශාල මුදලක් මේ වෙනුවෙන් වැය
කරනු දකින්නට ලැබිණ.ඒ ආකාරයටම එම අපේක්ෂකයන් අදින් පසුව මෙම පිරිස රැක බලාගැනීමට ද
ඉදිරිපත් වන්නේ මලල ක්‍රීඩාවට බොහෝ ගැටළු වලින් මිදෙන්නට හැකියාව ලැබෙනු ඇත.එහෙත්
නිලවරණ සමයේ දකින්නට ලැබෙන සෙනෙහස ඉන් අනතුරුව පත්වන නිලධාරීන් වෙතින් දකින්නට
නොලැබීම කණගාටුදායක තත්ත්වයකි.
No comments:
Post a Comment