ජාත්‍යන්තර ක්‍රිකට්
වර්ගීකරණයේ ටෙස්ට් පිතිකරුවන් අතර අංක එකට සිටි කුමාර සංගක්කාර පස්වන ස්ථානයට ඇද
දමමින් වසර තුනකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ පළමුවැන්නා වීමට
ශිවනාරීන් චන්ද්‍රපෝල් ට අවස්ථාව හිමි වුණා.ඕස්ට්‍රේලියාව ඉදිරියේ තරග 2 – 0 ක්
ලෙස පරාජය වූ ටෙස්ට් තරගාවලිය තුළ හුදෙකලා සටනක නියැලි චන්ද්‍රපෝල් තරග තුනකදී
ලකුණු සාමාන්‍ය්‍ය 86.50 ක් සමග ලකුණු 336 ක් රැස් කර තිබුණා.
කෙසේ හෝ මෙම තරග ජයග්‍රහණයත්
සමග ඕස්ට්‍රේලියාවට ටෙස්ට් වර්ගීකරණයේ ඉන්දියාව පහතට ඇද දමා තෙවන ස්ථානය දක්වා
ඉහළට ඒමට අවස්ථාව සැළසුණු අතර ටෙස්ට් පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයට පැමිණෙමින්
රංගන හේරත් විශාල වෙනසක් කර තිබෙනවා.මේ අතර ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ හත්වන
ස්ථානයේ රැදෙන්නට තිලාන් සමරවීරට හැකි වී තිබෙනවා.
No comments:
Post a Comment