Apr 30, 2012

ඩක්වර්ත් ලුවිස් න්‍යායේ උදව්වෙන් කොදෙව් ලලනාවෝ තරගාවලිය ජය ගනිති


ටහිර ඉන්දීය කොදෙව් කාන්තා සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර බාර්බඩෝස් හී ක්‍රියාත්මක වුණු තෙවන එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 45 ක ජයක් ලැබූ කොදෙව් ක්‍රීඩකාවෝ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ජය 2 – 1ලෙස හිමි කර ගත්හ.තරගාවලිය පුරාම කැපී පෙණුන කොදෙව් පිතිකාරිණිය සැනල් ඩැලේ මෙම තරගයේදී ද ලකුණු 63 ක් රැස් කළ අතර ඇය මේ තරගාවලිය පුරාම දැක් වූ දක්ෂතා ද සළකා තෙවන එක්දින තරගයේ මෙන්ම සමස්ථ තරගයේද  දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූවාය.
කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායිකා ඩිලානි මනෝදරා පළමුව පන්දුවට පහර දීමට කොදෙව් ක්‍රීඩිකාවනට කළ ආරාධනය අනුව ඔවුන් පන්දු ඕවර් 40 දී ලකුණු 168 ක් ලබා සිටිය දී ඇද හැලුණු වර්ෂාව තරගයට බාධා ඇති කළේය.ඒ අනුව ජයග්‍රහණය සදහා ඩක්වර්ත් ල්‍රවිස් න්‍යාය යටතේ ලකුණු 177 ක ජයග්‍රාහී ඉලක්කයක් ශ්‍රී ලංකාවට එල්ල වූ අතර නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු ඕවර් 38.4 ක් තුළ ලකුණු 131 ක ට සියළු දෙනාම දැවී ගියේ ලකුණු 45 ක ජයක් කොදෙව් ක්‍රීඩිකාවන්ට පරිත්‍යාග කරමින් ය.
තරගාවලිය පුරාම තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුන ශෂිකලා සිරිවර්ධන මෙම තරගයේදී ද පන්දු යැවීමෙන් ලකුණු 40 ට කඩුලු 4 ක් ලබා ගත් අතර පිතිකාරිණියක ලෙස ද ශ්‍රී ලංකා පිළේ සාර්ථකම පිතිකාරිණිය වෙමින් ලකුණු 34 ක් ලැබීය.ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉදිරියේ නොසැලුණු අයරින්ම හ්‍රී ලංකා පිතිකාරිණියන් සසල කළ ෂැනල් ඩැලේ ලකුණු 25 ට කඩුලු 3 ක් ලැබූ අතර තරගාවලිය පුරා කඩුලු අතර සිටි කොදෙව් පන්දු යවන්නිය වූ අනීශා මොහොමඩ්ට මෙහිදී සාර්ථක වන්නට අවස්ථාවක් නොලැබුණු අතර මෙම තරගයේදී සාර්ථකම කොදෙව් පන්දු යවන්නිය වූ සබ්රිනා මුන්රේ ලකුණු ලකුණු 15 ට කඩුලු 3 ක් ලැබුවාය.

No comments: