May 5, 2012

සත් වියැති කෝට්ටේ නෙට්බෝල් ඇකඩමිය


ශ්‍රී ලංකා කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු කණ්ඩායම් සදහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය සිය සත් වර්ෂ පූර්ණය සැමරීය.වසර හතක් පුරාවට දැල්පන්දු දැල්පන්දු ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා මෙන්ම එහි ක්‍රීඩා පුහුණු කටයුතු වල නියැලෙන දැරියන්ගේ පෞද්ගලික කුසලතා එළි දැක්වීමට මෙන්ම ඔවුන් සමාජ සුභ සාධන කටයුතු කෙරෙහි යොමු කිරීමද මෙම ඇකඩමිය මගින් ක්‍රියාවට නැංවීම සුවිශේෂීය.   
       
තිලකා ජිනදාස ගේ මග පෙන්වීම යටතේ කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන ඇරඹි කෝට්ටේ දැල්පන්දු ඇකඩමියේ වර්ථමාන පුහුණුකාරිය ලෙස කටයුතු කරන්නේ ශ්‍යාමා කුරේ ය තිලකාගේ පුහුණුකාරීත්වය යටතේ සහ ශයාමා කුරේගේ පරිපාලන සහය යටතේ ක්‍රියාවට ක්‍රියාත්මක වූ කෝට්ටේ දැල්පන්දු ඇකඩමියේ වර්තමාන වගකීමෙන් වැඩි බරක් ශ්‍යාමා කුරේ දරන්නේ මේ වන විටතිලකා ජිනදාම බෘනායි හී දැල්පන්දු ජාතික පුහුණුකාරිය ලෙස කටයුතු කරන බැවිණි.ශ්‍යාමා කුරේ මේ වන විට මාළඹේ හොරයිසින් ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩා ගුරුවරියක ලෙස සේවය කරන්නීය.එහි සහය පුහුණකුරුවන් ලෙස ලක්මාල් දේශප්‍රිය සහ ඉන්දු බණ්ඩාර ද,ආධුනික සහය පුහුණුකාරියන් ලෙස වසුන්දරා පතිරගේ සහ අයෝමි ඉරේෂා පරණගම ද කටයුතු කරති.  
       
දැල්පන්දු ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ආශ්‍රිත මනෝ විද්‍යාත්මක කරුනු සම්බන්ධයෙන්ද විශේෂ දේශනා වැඩමුළු පවත්වමින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරකම් වෙත යොමු කරමින් කටයුතු කිරීමට ද ඇකඩමියේ අවධානය යොමු වී තිබීම ද සුවිශේෂීය.ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාවේ ප්‍රායෝගික හැකියාවන් හී වර්ධනය මෙන්ම න්‍යායාත්මක දැණුමේ පෝෂණය ද පෞද්ගලික ජීවිතයට මුහුණ දීමට අවශ්‍යය පෞරෂවර්ධනය සහ ආත්ම විහ්වාසය දවර්ධනය කිරීමට ඇකඩමිය දක්වන අවධානය අගය කළ යුතුය.
       
එසේම සුනාමි අනතුර වන විට ඒ වයසේ ළදරු වයසේ විසූ ඇකඩමිය සුනාමියෙන් අනතුරට පත් ප්‍රදේශවල පහත සදහන් විද්‍යාල සිසු දරු දැරියනගේ අවශ්‍යයතාවයන් ඉටු කිරීමට මැදිහත්වීමද විශේස අවස්ථාවකි.
       
පාසල් නාම ලේඛණය

1.පැරෑලිය ශ්‍රී ජනරතන විද්‍යාලය පොල්හේන
2.එගොඩඋයන කණිෂ්ඨ විද්‍යාලය මොරටුව
3.මේධංකර මහා විද්‍යාලය බූස්ස
4 කන්නංගර විද්‍යාලය ගාල්ල
හැකියාවන්ගෙන් පමණක් නොව ක්‍රීඩාශීලී සහ සමාජශීලී ගුණයන්ගෙන් ද යුත් ක්‍රීඩිකාවන් පිරිසක් දායාද කිරීමට අවශ්‍යය දැක්මක් සහ වැඩ පිළිවෙළක් සහිතව ක්‍රියාත්මක වන කෝට්ටේ දැල්පන්දු ඇකඩමියේ සත් වියැති කාල පරිච්ඡේදය ඇතුළත ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා සුදුසුකම් ලැබූ පිරිස පහත දැක්වේ.

අකිලා ජයවර්ධන,ප්‍රිසිලා කෝක්,චමිලා ජයවර්ධන,මරීෂා ප්‍රනාන්දු , මන්දුලී පතිරගේ ,තිළිණි බටගොඩ,තිළිණි පෙරෙරා, තිශාලා අල්තම,දිලිනා ප්‍රනාන්දු,සංජීවනී ආරියසේන යන අය වේ.
        මෙම කොට්ටේ නෙට්බෝල් ඇකඩමිය පවත්වාගෙන යාම සදහා නිරන්තරයෙන් සහය ලබා දුන් කෝට්ටේ මහ නගර සභාවට විශේෂ ස්තූතිය හිමි වේ තව ද මෙම නෙට්බෝල් ඇකඩමියේ පුහුණුව ලැබීමට ඔබට ද අවස්ථාවක් ඇති අතර ඒ සදහා විඩි විස්තර 0714186521 දරණ දුරකථනයට අමතා ලබා ගැනීමට හැකිය.

No comments: