ලක්රාණි |
එරංගා |
ලංකාවේ බුබ්කා ලෙස හදුන්වන
ජාතික රිටි පැනීමේ සූරයා වන රුවන් ප්රදීප් පෙරේර යටතේ පුහුණුව ලබන ලක්රාණි පෙරේරා
තමන් සහ නාවික හමුදාවේ ආර්ඒඒ කරුණාවංශ සමග බෙදා ගනිමින් තිබූ වාර්තාව සිය නමට
තනිවම අයිති කර ගනිමින් මීටර් 3.20 සිට 3.25 දක්වා ශ්රී ලංකාව වාර්තාව ඉහළ දමමින්
එම ශ්රී ලංකා වාර්තාව සිය නමට ලියා ගත්තාය.ශ්රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන
ලක්රාණි මෑත කාලයේ දිගින් දිගටම දක්ෂතා අතර රැදෙමින් පියාඹන මිනිසා ලෙස විරුදාවලි
ලත් සර්ජි බුබ්කා ගේ නම පටබැදි සිය පුහුණුකරු ගේ මග පෙන්වීම මත පියාඹන ගැහැණිය ලෙස
විරුදාවලි ලත් යෙලීනා ඉසින්බයේවා ගේ නමට සිය නම ආදේශ කර ගනිමින් ලංකාවේ පියාඹන
ගැහැණිය වීමේ ලකුණු පහළ කිරීම සහ ලාංකේය කාන්තා
රිටි පැනීමේ ඉසව්වේ තරගකාරීත්වය රටේ මලල ක්රීඩාවට ආදර්ශයක් ලෙස සිතිය හැකිය.
එසේම ශ්රී ලංකාවේ මෑත
කාලීනව විශාල ප්රගතියක් පෙන්වන මීටර් 3000 කාන්තා බාධක දිවීම ඉසව්වට ආලෝකයක් එකතු
කරන ඩබ්කේඑල්ඒ නිමාලි සහ එරංගා දුලක්ෂි යන දෙදෙනාගේ හැකියාවන් සහ තරගකාරීත්වය යළිත්
ප්රදර්ශනය වෙමින් එරංගා දුලක්ෂි නිමාලි සතුව පැවති එම ඉසව්වේ වාර්තාව වන විනාඩි
10:31.24 ක් වූ වාර්තාව සිය නමට ලියා ගත්තේ විනාඩි 10:29.47 ක කාලයක් වාර්තා කරමින්ය.
ශ්රී ලංකා මලල ක්රීඩා
අතුරු කමිටුව විසින් සංවිධානය කරන්නට යෙදුණ ලීග් තරගාවලියේ පළමු අංකය දියගම
මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ක්රීඩාංගණයේදී ක්රියාත්මක වෙද්දී මෙම වාර්තා
ද්විත්වයම බිහි වූ අතර රිටි පැනීම ඉසව්වේ දෙවන ස්ථානය ආර්ඒඒ කරුණාවංශ
මීටර් 3.10 ක දක්ෂතාවයක් දක්වමින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය ටී තනූජා විසින්
දිනා ගනු ලැබුවේ මීටර් 2.90 ක දක්ෂතාවයක් දක්වමින්ය.
මීටර් 3000 බාධක දිවීම
ඉසව්වට ආබාධිත තත්ත්වයක් මත නිමාලි සහභාගි නොවූ අතර එහිදී නිමාලිගේ වාර්තාව සිය
නමට ලියා ගනිමින් දක්ෂතා දැක් වූ අතර දෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ එච්ඩබ්එන්
කුමාරි විනාඩි 11;37.99 ට ඉසව්ව නිමා කරමින්ය.කණිස්ඨ ආසියාතික තරගාවලි සංචිතයේ
රැදෙන චාමික ජයමිණි තෙවන ස්ථානය දිනා ගත් අතර එැය ඒ වෙනුවෙන් විනාඩි 11:53.56 ක
කාලයක් වාර්තා කර තිබුණාය.
No comments:
Post a Comment