Nov 11, 2013

ජාත්‍යන්තර පිටියෙන් සිංහයා ගැලවීමේ ඉඩක් ?

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ලියාපදිංචි ක්‍රීඩාවන් හී ජාත්‍යන්තර ඉසව් වලට සහභාගී වීමේදී එම තරග සදහා සහභාගි වන ජාතික කණ්ඩායම් එම රටවල ජාතික ධජය යටතේ සහභාගි විය යුතු අතර කුමන හෝ හේතුවක් මත රටක් ක්‍රීඩාව සම්බන්ධයෙන් හෝ ජාත්‍යන්තර මානව හිමිකම් කඩකිරිමක් සම්බන්ධයෙන් හෝ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මුතියන්ගෙන් පිට සදාචාර යැයි පිළිගත් ජාත්‍යන්තර සම්ප්‍රදායන් නොපිළිගෙන කටයුතු කරන්නේ නම් එම රටවල සිටින දක්ෂ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ධජය යටතේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ආහිර්වාදය හිමි වන්නේය.දැනට ක්‍රීඩා කේෂ්ත්‍රය හරහා පැතිරෙන තොරතොරු වලට අනුව ඉදිරියේදී මේ තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ද සිදු විය හැකි තත්ත්වයක් ඉස්මතු වෙමින් පවතින්නේය.
ඊට හේතුව ලෙස පිරිස දක්වා සිටින්නේ ක්‍රීඩාවක ජාත්‍යන්තර දේහයේ සැකයට ලක් වී සිටින ජාතික සංගමයක පුද්ගලයෙක් ජාතික ඔලිම්පික් කමිටුවේ ඉහළ තනතුරකට ඉදිරිපත් වී සිටීමය.ජාත්‍යන්තර සංගමය මේ සම්බන්ධයෙන් ජාතික සංගමයෙන් කරන ලද කරුණු විමසීමට නිසි පිළිතුරු නොලැබි ඇති අතර ඒ නිසා එම ජාක්‍යන්තර සංගමය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේද සහය ඇතිව එම පරිපාලනය ආශ්‍රිත ගැටළු පිළිබද සොයා බැලීමට වත්මන් ජාතික ඔලිමිපික් කමිටුවට දන්වා ඇති බව එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.එම ජාතික සංගමය සම්බන්ධයෙන් ඇති ගැටළුකාරි තත්ත්වයන් සම්බනධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය නිසි පරිදි කටයුතු නොකිරීම නිසා අදාළ චෝදනා ජාත්‍යන්තර සංගමය වෙත ඉදිරිපත් වී තිබිම ද මෙහිදී අවධානයට ලක් විය යුතු කරුණක් වන අතර ඒ අනුව රාජ්‍ය ක්‍රිඩා පරිපාලන ඒකකයේ සිවාධීනත්වය ද යම් ආකාරයක තර්ජනයකට මුහුණ දි සිටියි.ඒ අවිශ්වසනීය තත්ත්වයත් ජාත්‍යන්තර ඔලිමිපික කමිටුවේ අවධානයට ලක් වෙනු ඇතැයි පෙන්වා දෙන එම ආරංචි මාර්ග අවිශ්වසනිය ක්‍රීඩා පරිපාලනයේ නියෝජිතයා ඔලිමිපික් කමිටුවේ තනතුරකට පත් වුවහොත් එම තත්ත්වය පදනම් කර ගෙන ශ්‍රී ලංකා ඔලිමිපික් කමිටුව පිළි නොගන්නා තත්ත්වයකට පත් විය හැකි බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.
සමස්ත ක්‍රීඩාවේ පරිපාලන ව්‍යහුය පාලනය කරන ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රති පාර්ශව කරන ලද ඉල්ලීම් වලට අනුව කටයුතු නොකර පරික්ෂණ නොකොට අදාළ පරිපාලනය පිළිගැනීම ද මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධ නීතිමය තත්ත්වයන් හී ස්වාධිනතවය යම් අවිශ්වාසයකට ලක් වන නිසා එම තත්ත්වය මත රටේ ක්‍රීඩාව  ස්වෘධිනත්වය ජාත්‍යන්තර වශයෙන් විමසීමකට යටත් වන පරික්ෂනයක් සිදු විය හැකි බවත්,දැනට චෝදනාවන්ට ඉලක්ක වී ඇති පුද්ගලයා රජයේ අමාත්‍යවරයෙක් නියෝජනය කරන කණ්ඩායමක පාර්ශවකරුවෙක් ලෙස එම ඉහළ තනතුරට තරග වැදීමට තීරණය කර තිබීමත් එයට හේතු විය හැකි බවත් එම ආරංචි මාර්ග තව දුරටත් පැහැදිළි කරයි.
මේ තත්ත්වය දැනටමත් මේ රටේ ක්‍රීඩා බලධාරීන් දැන සිටින නමුත් එහි කිසිදු වෙනසක් නොකර සිය හිතවතුන් තනතුරුවලට ගෙන ඒමේ ප්‍රතිපත්තිය මත සිට දිගින් දිගටම ක්‍රියා කරන තත්ත්වයක් තුළ මේ රටේ ක්‍රීඩාවේ පැවත්ම අවිනිශ්චිත තත්ත්වයකට පත් ව කිබෙන බව ද එම ආරංචි පැහැදිළි කරයි.
www.supirikrida.com

No comments: