Nov 16, 2013

ලංකාව සහ ලංකාවේ ආත්ම ගෞරවය අතර තරගය අද

වසීලන්ත කණ්ඩායම බංගලාදේශයේදී එක්දින තරගාවලිය පරාජය වුණේ 3 - 0 ක් ලෙසයි.3 - 0 ක් වීම නිසාම එය අත් වැරද්දක් නොවන බව පැහැදිළියි.ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පහළම තැන සිටින බංගලාදේශයේ පහර කෑමෙන් තුවාල සිදු වූ නවසීල්නතය ඊ ළගට ආවෙ ලංකාවට.ලෝක සුරතාවයක් සහ ලෝක අනු සූරතා දෙකක් දිනා සිටින,එමෙන්ම වර්ථමානයේත් ලෝක අනු සූරයා ලෙස සිටින ශ්‍රී ලංකාව මුණ ගැසීමටයි.ඒ ගමනේ අවසාන ප්‍රතිපලය ලෙස දකින්නට තිබුණෙ ලිලිපුට් ප්‍රහාරයකට ලක් වි සිටි නවසීලන්තය ගලවර් කෙනෙක් ළග ඇඹරී ඇද වී සිටිනු දැකීම වුණත් දෙවන තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අඥානවන්ත පන්දු යැවීම මෙන්ම නායකයාගේ අදූරදර්ශී තීරණයත් නිසා ශ්‍රී ලංකාවේ කීර්තිය නවසීල්තය ඉදිරියේ ඇද වී ඇඹරී ගියා.දැන් ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් චිත්‍රයේ කටු සටහන වෙනස් වෙලා.එහි පෝෂණිය ලක්ෂණ ඇකිලිලා මන්ද පෝෂිත පෙණුමක් ඇවිත්.ඒක එක තරගයක් තුළ සිදු විය හැකියි.ලංකාවට වඩා හැම අතින්ම පහළ මට්ටමක සිටින බංගලාදේශය ඉදිරියේ 3 - 0 ක පරාජයක් ලැබූ නවසීලන්තය ඉදිරියේ අප ලැබූ පරාජය තුළින් ඒ වගේ පණිවිඩයක් කියැවෙනවා.බංගලාදේශයට පැරදුණ විට අපෝ බංගලාදේශයටත් පැරදුණානෙ කියල සාමාන්‍ය ක්‍රිකට් ලෝලින් පසුතැවෙනවා.දැන් බංගලිටත් පැරදුණු නවසීල්නතයට පැරදුණානෙ කියල කියන කොට ඒ වේදනාවෙ බර වැඩි වෙනව.


ක්‍රිකට් කියන්නෙ ක්‍රිකට් ආයතනයෙ සහ පිට්ටනියෙ ඉන්න කිප දෙනාගෙ ගේම් එකක් නෙමෙයි.මේ රටේ ජනතාවගෙ.ඒත් ජනතාවට වගකියන ආයතනයක් වෙනුවට ජනතාවට කරන දේවල් ඉවසා සිටිමට බල කරන හිට්ලර් සිස්ටම් එකකින් ලංකාවෙ ක්‍රිකට් ගේම් එකේ ගේම් ගොඩක් වෙනවා.දැන් බලන්න අද දඹුල්ලට පැමිණ තිබෙන තරගය.දඹුල්ල ක්‍රීඩාංගණය ලංකාවෙ දේශගුණික තත්ත්වයන් හ සංසන්දනය කරද්දි වැඩි පුරම තරග පැවත්විය හැකි දේශගුණික වාතාවරණය ඇති ක්‍රීඩාංගණය හැටියට බොහෝ අයගෙ අවධානය යොමු වුණා.ඒත් පරිපාලන කඹ ඇදිල්ල මත දඹුල්ල වැසී යන තත්ත්වයේ තිබුණෙ.එහෙම ක්‍රීඩාංගණයක් නැති ගාණට තමයි ක්‍රිකට් ආයතනය හැසිරුණේ.දැන් ආපහු දඹුල්ලට තරගයක් ඇවිත්.ඒකත් මොන ගේම් එකක් හින්ද ආව ද කියල කියන්න දන්නෙ නැහැ.ඒක ඉදිරියෙදි බලා ගන්න පුළුවන් දර්ශනයක්.කෙහොම හරි අද බංගලියොත් ගැහැව්ව නවසීලන්තයෙන් කෑවා කියල පශ්චාත්තාප වෙන ක්‍රිකට් ලෝලීන්ගේ වේදනාව දෙගුණ තෙගුණ එක වළක්වන්න අද තරගය ජය ගෙන තරගාවලි ජය සම කිරීමේ වගකීම ශ්‍රී ලංකා  ක්‍රිකට්  ර්‍ක්‍රීඩකයන් අතට පත් වී තිබෙනවා.අද දවසේ වැඩිම අවධානයක් යොමු වන‍්නේ මේ වගකීමට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නෙ කොහොමද කියන එක දැන ගන්නයි.එය පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගෙ හමුවේ සිදුවීම් වලටත් වඩා ජනතා ආකර්ශනයට ලක් වීම නිශ්චිතයි.
www.supirikrida.com

No comments: