Nov 13, 2013

නවසීලන්තය යළි ජය මාවතට රංගනගෙන් අසාර්ථක රංගනයක්

Tom Latham looks to get in position බංගලාදේශය ඉදිරියේ අන්ත පරාජයකට මුහුණ දී අසරණව සිටි නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දු ඕවර් 23 දී ලකුණු 198 ක් ලබා ගැනීම සදහා එල්ල වූ අසීරු ඉලක්කය ජය ගනිමින් නැවත ජය මාවතට පිවිසීමට සමත් විය.නවසීල්නතය වෙනුවෙන් එම වගකීම ඉටු කිරිමට පෙරමුණ ගත් ආරම්භක පිතිකරු ටොම් ලේතම් පන්දු 68 දි ලකුණු 86 ක් ලබා ගත් අතර අසීරු ඉලක්කය හඹා යමින් සිටි නවසීලන්තය කඩුලු 4 ක් දැවි ලකුනු 68 ක් ලබා සිටියදී පිටියේ එක් වූ ටොම් සහ ලුක් රොන්චි පන්දු ඕවර් 9.3 ක් තුළ ලකුණු 93 ක සබදතාවයක් පවත්වමින් එල්ල කළ දරුණු ප්‍රහාරය නිසා නවසීල්නතයට ජය මාවතට පිවිසීමට පහසු විය.රොන්චි පන්දු 26 දී  ලබා ගත් ලකුණු 49 මෙන්ම අවසාන මොහොතේද නේදන් මැකලම් පන්දු 9 දි ලබා ගත් ලබා ගත් ලකුණු 32 ත් ජයග්‍රහණයේ පදනම බවට පත් විය.
ලේතම් සහ රොන්චි පිටියෙන් ඉවත්වීමෙන් ඉනික්බිති මාලිංග සහ කුලසේකර තරගය නැවත ශ්‍රී ලංකාව දෙසට හැර වූ නමුත් ඒ වන විට දග පන්දු යවන්නන්ට සහයක් නොදැක් වූ තණතීරුවේ අවසාන පන්දු ඕවරය යැවීම සදහා  ඇන්ජලෝ මැතිව්ස්ට මද වේග පන්දු යවන්නෙක් නොවිණ.ඒ නිසා ඒ වන විටත් දරුණු ප්‍රහාරයකට ලක් වි සිටි රංගනට අවසාන ඕවරයේ ලකුණු 20 ක් රැක ගැනීම සදහා පන්දුව ලබා දුන් අතර රංගන අතිශයින් අසාර්ථක පන්දු යැවීමක නියැලුණේ එම ඕවරය තුළ නේදන් මැකලම් ට හයේ පහර තුනකට සහ හතරේ පහරකට අවස්ථාව ලබා දෙමින් එම පන්දු ඕවරය තුළ නවසීලන්තයට ලකුණු 25 ක් ලබා ගැනීමට ඉඩ - කඩ සාදා දෙමින්ය.
මැතිව්ස් අවසාන පන්දු ඕවරය වන විට වේග පන්දු යවන්නෙක් ඉතිරි කර නොගෙන සිටියා පමණක් නොව දග කැවීමට වඩා වේගයෙන් පන්දුව යොමු කළ හැකි ඩිල්ෂාන් සහ සචිත්‍ර වෙනුවට ඒ අවස්ථාවේදි රංගන තෝරා ගැනීම ද යම්කිසි ආකාරයකින් ශ්‍රි ලංකාවට ජය ගැනීමට තිබූ මාවතක් වසා දැමීමකි.නමුත් ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ නවසීල්නතයෙන් තරගය උදුරා ගැනීමට ඒ වන විට පිටියේ තැන්පත් වි නොසිටි අලුත් පිතිකරුවන්ට එරෙහිව තර්ජනයක් එල්ල කිරිමට සිය හොදම දග පන්දු යවන්නා ලෙස විරුදාවලි දිනා සිටින රංගන යොදා ගැනීම මැතිව්ස්ගේ කල්පනාවේ හැටියට වැරදිද ද නැත.නමුත් සිය නායකයාගේ විහ්වාසයට අනුව රංගනයේ නොයෙදි රංගන සිය පා ඉන්න දෙසට ගොස් පන්දු පිට ඉන්න දෙසට යොමු කරන්නට සැරසෙන නේදන් මැකලම්ට ඊට අවශ්‍යය පහසුකම ලැබෙන  පරිදි පන්දුව යොමු කරනු දකින්නට ලැබිණ.එසේම පන්දුව පතිකරුවාට ප්‍රහාරයකට සුදුසු සීමාවේ පතිත කිරීමේ වරදද නිරන්තරයෙන්ම රංගන අතින් සිදු විය.කුලසේකර අතිශයින් තීරණාත්මක පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 38 ට කඩුලු 4 ක් දවා ගනිමින් තරගය ශ්‍රී ලංකාව දෙසට හැරවීමට විහාල ප්‍රයත්නයක් ගත් අතර ලසිත් මාලිංග ද තීරනාත්මක මොහොතේ මනා සංයමයකින් යුතුව පන්දු යවමින් නවසීල්නත පිතිකරුවන්ගේ ලකුණු යන්ත්‍ර වලට අගුල් දැමීමට සමත් විය. 
කාසියේ වාසිය ලැබු ශ්‍රී ලංකාව ඩක්වර්ත් ලුවිස් න්‍යාය ඉදිරියේ නවසීල්නතයට ලකුණු 138 ක ඉලක්කයක් ලබා දෙන්නට පෙර පන්දු ඕවර් 23 දි කඩුලු එකකට ලකුණු 138 ක් ලැබීය.නැවතත් දිමුත් කරුනාරත්න ලද අවස්ථාව අපතේ හැරිය අතර නමුත් සුපුරුදු පරිදි සංගක්කාර සහ ඩිල්ෂාන් දෙවන කඩුල්ලට නොදැවුණු ලකුණු 126 ක සබදතාවයක් එක් කළේය.සංගක්කාර ලකුණු 71 ක් පන්දු 59 කින් ලබා නොදැවී සිටි අතර ඉණිමේ නැංගුරම වීමට සැරසි ඩිල්ෂාන් පන්දු 72 දි නොදැවී ලකුණු 55 ක් ලබා සිටියේය.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය භාවිතා කර පිවිසිය හැකිය.

No comments: