Nov 12, 2013

ශිවන්ති සහ විදුශිකා රත්තරන්

Saba Nayakan ගේ තොරතොරු වාර්තාකරණය ඇසුරෙන්

ඉන්දියාවේ රාංචි හී බිර්සා මුණ්ඩා ක්‍රිඩා සංකීරණයේදී ඇරඹි දෙවන දකුණු ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේදී පළමු දිනයේ පැවති ඉසව් 14 ක් අතරෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක් දිනා ගැනිමට අවස්ථාව උදාවිය.ඉන් පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 සූරිය බවට පත් වූ ශිවන්තිකා රත්නායකය.තත්පර 56.87 නි මීටර් 400 අවසන් කළ ඇය ආසියානු තරගාවලියේදී මෙන්ම මෙම තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ මලල ක්‍රීඩාකණ්ඩායමේ නායිකාව වන්නීය.කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවක වන ඇය දිනා දුන් රන් පදක්කමට අමතරව මීගමුව නිවස්ටඩ් බාලිකා විද්‍යාලයෙන් මෙම තරගාවලියට එක් වි සිටින විදූෂා  ලක්ෂානි බාලිකා තුන් පිම්ම ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.ඒ මීටර් 12.68 ක දක්ෂතාවයක් දක්වමින්ය.
ශිවන්ති මීටර් 400 ප්‍රථම ස්ථානය දිනා ගනිද්දී ඇය සමග තියුණු තරගයක නිරත වූ ශ්‍රී ලංකාවේ මීටර් 40 ඉසව්වේ අලුත්ම බලාපොරොත්තුව බවට පත් වී සිටින කතළුව විද්‍යාලයේ නිර්මලී මධුශිකා තත්පර 57.01 දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත්තාය.තිළින කරුණාරත්න බාලක උස පැනිම ඉසව්ව රිදී පදක්කමක් දිනා අවසන් කළ ද,එහි ප්‍රථම ස්ථානය දිනූ ශ්‍රීනාත් මොහාන් සමග කරට කර තරගයක නියැලෙමින් මීටර් 2.06 ක දක්ෂතාවයක් දක්වමින් සම උසක් වාර්තා කිරීමට සමත් වූ අතර එම උස තරණය කිරීමේදී ශ්‍රීනාත් පළමු උතසාහයෙන් සහ තිළිණ දෙවන උත්සාහයේදී සාර්ථක කර ගැනීම හේතුවෙන් තිළිණට දෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු විය.
බාලිකා හෙල්ල වීසි කිරීමේ ඉසව්වේ දී චාමිකා ගුණරත්න මීටර් 40.94 ක දක්ෂතාවයක් දක්වමින් ශ්‍රී ලංකාවට රිදි පදක්කමක් දිනා දුන්නාය.එසේම බාලක තුන් පිම්ම ඉසව්වේදී එන් කරුණාසිංහ වාර්තා කළ මීටර් 15.41 ක දක්ෂතාවයට රිදී පදක්කමක් හිමි වූ අතර ලාවස් ලිවින්ග්ස්ටෝන් මීටර් 61.07 ක දක්ෂතාවයක් දක්වමින් බාලක හෙල්ල වීසි කිරීමේ රිදි පදක්කම දිනා ගැනීමට සමත් විය.බාලිකා යගුලිය වීසි කිරීමේ ඉසව්වේ දී අමන්ති ද සිල්වා දෙවන ස්ථානය දිකා ගනිමින් ශ්‍රී ලංකාවට රිදි පදක්කම දිනා දුන්නේ මීටර් 11.96 ක දක්ෂතාවයක් දක්වමින්ය.මීටර් 800 ඉසව්වේදි විනාඩි 1:54.08 ක දක්ෂතාවයක් දැක් වූ කුපුන් කුෂාන්ත බාලක අංශයෙන් ශ්‍රී ලංකාවේ රිදී පදක්කම් සංඛයාව වැඩි කර ගැනීමට සහය වු අතර ඒ අනුව ඊයේ දිනයේදි ශ්‍රී ලංකාවට හිමි වූ සමස්ත රිදී පදක්කම් ප්‍රමාණය හයක් විය.
ඊට අමතරව ශ්‍රී ලංකාවට මීටර් 400 බාලක ඉසව්වේදී ලෝකඩ පදක්කමක් හිමි වු අතර එය හර්ෂ චතුරංග පීරිස් තත්පර 48.53 ක දක්ෂතාවයක් දක්වමින් දිනා ගන්නට සමත් විය.මීටර් 100 ඉසව්වේදී හිමාෂ ඒෂාන් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ තත්පර 10.64 ක දක්ෂතාවයක් දක්වමින්ය.බාලිකා මිටර් 1500 ඉසව්ව විනාඩි 4:52.46 න් නිමා කළ මහීෂා කුමාරි වීරසිංහ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.රුමේෂිකා කුමාරි රත්නායක තත්පර 12.23 කින් එම ඉසව්ව නිමා කරමින් ද ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර මීටර් 500 බාලක තරගය විනාඩි 15:57;56 න් නිමා කළ ධනුෂ්ක මධුරංග ට ද හිමි වූයේ ලෝකඩ පදක්කමක්ය.බාලක යගුලිය ඉසව්ව මීටර් 15.62 ක දක්ෂතාවයක් දැක් වූ සංජුන සුමනවීරට ද ලෝකඩ පදක්කමක් හිමි විය.ඒ අනුව පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාවේ ලෝකඩ පදක්කම් එකතුව හයක් වූ අතර පැවති ඉසව් 14 න් ශ්‍රී ලංකාව දිනූ රන් පදක්කම් දෙක හැරෙන්නට ඉන්දියාව අන් කිසිදු රටකට රන් නාමය ආරූට කර ගන්නට අවස්ථාව ලබා නොදුන් අතර ඒ අනුව ඉන්දියාව පළමු දිනයේම රන් පදක්කම් 12 ක් සමග පදක්කම් සටහනේ සමීප විය නොහැකි පරතරයක් තබා ගන්නට සමත් වී සිටියි.
www.supirikrida.com

No comments: