Nov 15, 2013

ආසියානු යොවුන් බොක්සිං සූරතාවලියේ සංචිතය නොවැම්බර් 28 ඇරඹේ

ලැඹෙන 2014 වසරේ ජනවාරි 24 - සිට 31 දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී ක්‍රියාත්මක වීමට නියමිත ආසියානු යොවුන් බොක්සිං සූරතාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක සංචිතය නොවැම්බර් 28 දා සිට ක්‍රියාත්මක කරන බව බොක්සිං සංගමයේ ලේකම් මහේෂ් දහනායක පවසයි.මහේෂ් පෙන්වා දෙන පරිදි ලාංකේය බොක්සිං ක්‍රීඩාවේ අනාගතයට පලදායි අයුරෙන් බොක්සිං ක්‍රීඩාව මෙහෙයවීමට මෙම තරගාවලිය ඉතා වැදගත් බැවින් තෙමසකට ආසන්න කාලයක් ක්‍රීඩකයන් සංචිත ගත කර අවශ්‍යය පහසුකම් ලබා දීම කෙරෙහි බොක්සිං සම්මේලනයේ අවධානය යොමු වී ඇත.
අදාළ සංචිතයට ක්‍රීඩකයන් තෝරා ගැනීම සදහා වන තරග නොවැම්බර් 23 - 25 දක්වා කොළම රාජකීය විද්‍යාලයේදි සිදු කරන අතර මෙම තේරිම් තරග සදහා ඉදිරිපත් විය හැක්කේ 1996 හෝ 1997 වසරවල ඉපැදි,අවුරුදු 16 හෝ අවරුදු 17 වන ක්‍රීඩකයන්ට පමණි.එසේම එම ක්‍රීඩකයන් සියල්ලම ස්ටබ්ස් කුසලාන,ජාතික කණිෂ්ඨ බොක්සිං සූරතාවලිය,යොවුන් මෙන්ම කණිෂ්ඨ සහ පාසල් බොක්සිං සූරතාවලියට තරග වැදි ක්‍රීඩකයන් අතරින් එම තරග වල රන් සහ රිදී පදක්කම් දිනූ ක්‍රීඩකයන් පමණක් ද විය යුතුය.

No comments: