Aug 24, 2013

ආසියානු යොවුන් තටාකයෙනුත් පදක්කමක්

නැන්ජින් නුවර ක්‍රියාත්මක ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ලැබූ පස්වන ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට ඩන්කන් මැතිව් අබේසිංහ සමත් වුණා.ආසියාතික පදක්කමක් යනු ලාංකේය පිහිණුම් කේෂ්ත්‍රයට හීනයක්ව පවතින වට පිටාවක මැතිව් ගේ මෙම පදක්කම රන් පදක්කමක් හා සමාන වටිනාකමක් ගෙන දෙනවා.ලොව ඉහළම පිහීනුම් පුහුණු තාක්ෂනය අත් විදින්නට භාග්‍යය ලබා තිබෙන මැතිව් ඒ ආහිර්වාදය ශ්‍රී ලංකා පිහිණුම් කේෂ්ත්‍රයට දුර්ලභ පදක්කමක් බවට පෙරලා දීමත් සමග ශ්‍රී ලංකාවේ පදක්කම් පැස රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් 5 ක් බවට පත් වුණා.
ශ්‍රී ලංකාවට එකතු වූ මෙම පදක්කම් ගොන්නෙන් රිදි පදක්කම සහ ලෝකඩ පදක්කම් තුනක්ම හිමි වුණේ මලලක්‍රීඩාවට වීම අගය කළ යුතුයි.එසේම තවත් ආසියාතික මට්ටමේ විශාල තරගකාරීත්වයක් තියෙන ස්කෝෂ් ක්‍රීඩාවෙන්ද ලෝකඩ පදක්කමක් දිනා දීමට මිහිලියා මෙත්සරනි සමත් වීම කැපී පෙනෙනවා.ඇය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ සිසුවියක්.
ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා දුන්නේ රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අකිල රවිශංක යි.ඒ මීටර් 110 ඉසව්වේදී ආසියාවේ දැව්නතයන්ට අභියෝගයක් ලබා දෙමින්.ඒ වගේම මීටර් 400 කඩුලු බාලක ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් හිමි වුණා.එය දිනා දුන්නේ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ අනුරාධ විදුශංක යි.එසේම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දිල්හානි ප්‍රනාන්දු බාලිකා මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.නිර්මලි මධුශිකා ශ්‍රී ලංකා පදක්කම් සටහනට ලෝකඩ පදක්කමක් එකතු කළේ මීටර් 400 ඉසව්වෙන්.ඇය කතළුව විද්‍යාලයේ ක්‍රීඩිකාවක්.
මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සෝඩා බෝතල් ප්‍රශංසාවක් සහ ඇගයීමක් කිරීම වෙනුවට දීර්ඝකාලීන වැඩ පිළිවෙළකට පිවිස මෙම කණිටු ජයග්‍රහණ ජ්‍යෙෂ්ඨ ජයග්‍රහණ බවට පත්කිරීමේ ක්‍රියාවලියක් දියත් කිරීමට කටයුතු කිරීමට බලධාරීන් ක්‍රියා කළ යුතුයි.
www.supirikrida.com

No comments: