Aug 20, 2013

මධුෂිකාටත් ලෝකඩ පදක්කමක්

චීනයේ නැන්ජින් නුවර ක්‍රියාත්මක දෙවන ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා පදක්කම් සටහනට එක් වූ දෙවන ලෝකඩ පදක්කම දිනා දීමට නිර්මලී මධුෂානි සමත් වුණා.ඒ මීටර් 400 ඉසව්වේදී ඇ‍යගේ හොදම පෞද්ගලික කාලය (55.96) වාර්තා කරමින්.අවසාන තරගයට ඉදිරිපත් වූ අය අතර හොදම කාලය වාර්තා කළ අය අතර දෙවන තැන සිටි මධුෂිකා ට අවසාන තරගයේ සැබෑ තරගකාරී වටපිටාව යටතේ සිය පෞද්ගලික හොදම කාලය වාර්තා කර ගන්නට හැකි වුව ද තරගයේ තෙවන ස්ථානයෙන් සෑහෙන්නට සිදු වුණා.
කතළුව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන මධුෂිකා මේ ගමන යාම සදහා විශාල වෙහෙසක් දැරූ බව අමතක නොකළ යුතුයි.දිනපතා කළුතර සිටින සිය පුහුණුකරු සොයා පැමිණෙන ගමණම ඊට උදාහරණයක් ලෙස දැක්විය හැකියි.ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මග හසර කියාදෙන ප්‍රසන්න පෙරේරා යටතේ පුහුණුව ලබන මධුෂිකා අනාගතය වෙනුවෙන් රැක ගැනීම සදහා වගකිවයුත්තන්ගේ නිසි අවධානය යොමු විය යුතු ක්‍රීඩකාවක්.
මේ අතර මීටර් 100 අවසාන පූර්ව තරගය සදහා සුදුසුකම් ලැබූ චංචලා දිසානායකට සිය අවසන් පූර්ව තරගයේ දී හිමි වූයේ හත්වන ස්ථානයයි.ඇය එහිදී තත්පර 12.72 ක කාලයක් වාර්තා කිරීමට සමත් වුණා.එසේම මීටර් 110 කඩුළු පැන දිවීමේ ඉසව්වේ මූලික තරගයේ දෙවන ස්ථානය දිනා ගත් අකිල රවිශංක (14.52) ඉදිරි වටයට සුදුසුකම් ලබා ගත්තා.එසේම මිටර් 400 බාලක අවසාන තරගයට ඉදිරිපත් වූ ෂෙහාන් ලක්ෂිත සිය හොදම පෞද්ගලික කාලය (50.51) වාර්තා කළ ද,ඔහුට හිමි වුණේ සිව්වන ස්ථානයයි.
මේ අතර මලල ක්‍රීඩා අංශයේ මීටර් 1500 ඉසව්වට සහබාගි වූ දිල්හානි ප්‍රනාන්දු විනාඩි 5:04.17 කින් තරගය නිම කරමින් 16 දෙනෙකු අතරින් 11 වන ස්ථානයට පත් වන්නට සමත් වුණා.පිහිණුම් තරග වල දී නිදහස් ආර මීටර 200 පිරිමි තරගයට සහභාගි වූ ඩන්කන් මැතිව් මූලික තරගයකදි ප්‍රථම ස්ථානය දිනා ගත්තා.බාලිකා මීටර් 200 නිදහස් ආ තරගයට සහභාගි වූ මචිකෝ රහීම් සිය මූලික තරගයේදී සිව්වන ස්ථානයට පත් වුණා.පිරිමි වෙඩි තැබීම මුදිතා තරග සදහා ඉදිරිපත් වූ මුදිත සමරනායකට 16 දෙනෙකු අතරින් 16 වන ස්ථානයම දිනා සෑහෙන්නට සිදු වුණා.
www.supirikrida.com

No comments: