Aug 20, 2013

නිර්මලී පදක්කම් බලාපොරොත්තු අතරට

චීනයේ ක්‍රියාත්මක දෙවන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නිර්මලී මධුශිකා මීටර් 400 බාලිකා ඉසව්වේ පදක්කම් බලාපොරොත්තුවක් බවට පත් වෙමින් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරමින් එම ඉසව්වේ මූලික තරගය ජය ගත්තාය.තත්පර 56.62 ක දක්ෂතාවයක් පෙන්වමින් එම ඉසව්ව නිමා කළ නිර්මලී මධුශිකා අවසාන තරගයට තේරීපත් වී සිටින ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අතර දෙවන වන්නේ චීන ක්‍රීඩිකාවට පමණි.අහංගම කතළුව විද්‍යාලයේ සිසුවියක වන නිර්මාලි,වර්ථමානයේ ප්‍රසන්න පෙරේරා යටතේ පුහුණුව ලබන්නීය.
මේ අතර ඊයේ බාලිකා මීටර් 100 තරගයට ඉදිරිපත් වූ චංචලා දිසානායක එම ඉසව්වේ පස්වන ස්ථානයට පත් වුව ද,අවසාන පූර්ව තරග සදහා සුදුසුකම් ලද්දේ ඇයගේ හොදම පෞද්ගලික දක්ෂතාවය සටහන් කරමින් තතපර 12.72 ක දක්ෂතාවයක් දක්වමින්ය.සුරංග කාරියවසම්ද සිය මූලික තරගයේදි සිව්වැන්නා වුව ද,අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබ ගැනීමට සමත් වූ අතර එහිදී ඔහු සිය ඉසව්ව තත්පර 11.35 කින් නිම කරන්නට සමත් විය.
වෙඩි තැබීමේ ඉසව් නියෝජනය කළ කොර්න් ඕමාන් වායු රයිෆල් මීටර් 10 ඉසව්වේ දී 37 ක් අතරින් 34 වැන්නා වූ අතර ශ්‍රී ලංකාවේ රගර් පදක්කම් බලාපොරොත්තුව කණපිට හැරවූ චීන තායිපේ ගැටවරයන් ශ්‍රී ලංකාවට ලකුණු 24 - 17 ක පරාජයක් හිමි කර දුන්නේය.
www.supirikrida.com

No comments: