Aug 18, 2013

පළමු පදක්කම මිහිලියාගෙන්

චීනයේ පැවත්වෙන දෙවන ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා පදක්කම් සටහනට පළමු පදක්කම එකතු කිරීමට ස්කෝෂ් ක්‍රීඩිකා මිහිලියා මෙත්සරණි සමත් වුණා.බාලිකා ස්කොෂ් රන් පදක්කම සදහා වන සටනට පිවිසෙන ක්‍රීඩිකාවන් දෙදෙනා තෝරා ගැනීම සදහා පැවත් වූ අවසාන පූර්ව තරගයේදී මැලේසියාවේ වැනීසා රාජ් ඉදිරියේ වට 3 - 0 ක පරාජයක් ලැබීම නිසා ඇයට ලෝකඩ පදක්කමෙන් නවතින්නට සිදු වුණා.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන මිහිලියා මීට පෙර ද ආසියාතික මට්ටමෙන් දක්ෂතා දක්වා තිබෙන අතර ඇය එම දක්ෂතාවයන් සුරැක ගනිමින් ඇය මෙවර ශ්‍රී ලංකාවට පළමු පදක්කම දිනා දීමේ ගෞරවණිය අවස්ථාවට සමීප වුණා.
මේ අතර ස්කොෂ් තරග සදහා ඉදිරිපත් වූ ලක්සිරි කවිදු අද මැලේසියාවේ කමල් මොහොමඩ් අතින් වට 3 - 0 ක පරාජයක් ලැබුවා.මේ අතර මේස පන්දු තරග වලදි දක්ෂතා දැක් වූ උදය රණසිංහ මොංගෝලියාවේ කුස්ලේන් ඔට්ගොන්චුන්ජ්ට එරෙහිව නිතරග ජයක් ලැබූවද තායිලන්තයේ සුසනට් විසුත්මයිනොකොන්ජ් ඉදිරියේත්,තායිපේ ක්‍රීඩක හුවාන්ග් වෙයින් ටූ අතිනුත් වට 3 - 0 ක් ලෙස පරාජයට පත් වුණා.එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරන මේස පන්දු ක්‍රීඩක විමුක්ති විජේසිරි,සවුදි අරාබියේ අල්කද්වාරි අලි ඉදිරියේ වට 3 - 1 න් පරාජයට පත් වුණා.මේස පන්දු ක්‍රීඩිකා රුවිනි කන්නන්ගරට ද සිය ප්‍රතිවාදි ක්‍රීඩිකා රිසෝවා යුලී  වෙතින් හිමි වූයේ වට 3 - 1 ක පරාජයක්.
ටෙනිස් තරග සදහා ඉදිරිපත් වූ ෂර්මාල් දිසානායක වට 2 - 1 ක් ලෙස මූලික තරගයේදී ආසියානු ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග වදින අමාන් අගාර්වල් අතින් පරාජය වු අතර යොවුන් ක්‍රීඩිකා නෙත්මි වඩුගේ පරාජයට පත් වුණේ වට 2 - 0 ක් ලෙසයි.ඒ මැලේසියාවේ යලිසා නූර් වෙතින්.එසේම වෙඩි තැබීමේ ඉසව්වට ප්‍රනීතා වාසුදේවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වෙමින් 39 දෙනෙකු අතරින් 19 වන ස්ථානයට පත් වුණත් අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ නැහැ.පළමු දිනයේ චීනයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් රගර් ක්‍රීඩකයන් අද පිලිපීනය ද ලකුණු 47 - 0 ක් ලෙස පරාජයට පත් කළා.එහෙත් හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ලකුණු 29 - 0 ක පරාජයක් විදින්නට සමත් වුණා.
www.supirikrida.com

   

No comments: