Aug 20, 2013

රවීන් සේයර් ගේ පන්දු ඉදිරියේ එංගලන්ත ගැටවරයෝ අසරණ වෙති - ලංකාවට ඉණිමක ජයක්!


එංගලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පළමු දෙදින තරගයේදී ද එංගලන්තයට ප්‍රබල තර්ජනයක් එල්ල කළ ද,අනතුරුව පැවති තෙදින තරගය ජයග්‍රහණයකින් කෙළවර කළේ එංගලන්තයට ඉණිමක සහ ලකුණු 80 ක පරාජයක් අත් කර දෙමින්ය.ඒ සදහා ප්‍රබල දායකත්වයක් සැපයූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වු රවීන් සේයර් අගනා පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 98 ට කඩුලු 10 ක් බිද හෙළමින් සමස්ත තරගය පුරා ඉණිම දෙකටම එංගලන්තය ලබා ගත් ලකුණු 329 ලබා ගැනීමට වැය කළ කඩුලු 20 න් හරි අඩකටම වග කියන්නට සමත් විය.එංගලන්තය පළමු ඉණිමට ලකුණු 191 රැස් කරද්දී ලකුණු 71 ට කඩුලු 8 ක් බිද හෙලූ රවීන්,දෙවන ඉණිමේදී ලකුණු 28 ට කඩුලු 2 ක් බිද හෙලීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට ලකුණු 399 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා ගැටවරයන් වෙනුවෙන් සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ කවීන් බණ්ඩාර අගනා ලකුණු 109 ක් එක් කළ අතර නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ චාමික කරුණාරත්න ලකුණු 66 ක් ලැබීය.සහන් අරච්චිගේ ලකුණු 60 ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක් රැස් කිරීමට සමත් විය.
www.supirikrida.com


No comments: