Aug 23, 2013

ලංකාවට තවත් ලෝකඩ පදක්කම් දෙකක්

චීනයේ නැන්ජින් හි පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාවේ පදක්කම් ගොන්නට තවත් පදක්කම් දෙකක් එකතු කර දෙන්නට දිල්හානි ප්‍රනාන්දු සහ අනුරාධ විදුශංක සමත් වුණා.දිල්හානි මීටර් 800 ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගත්තේ විනාඩි 2:14.16 ක කාලයක් වාර්තා කරමින්.කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියක වන දිල්හානි එම පදක්කමට හිමිකම් කියද්දී මීටර් 400 බාලක කඩුලු මතින් දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම ලංකාවට ගෙන ඒමට කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ අනුරාධ විදුශංකට හැකි වුණා.ඔහු ඒ සදහා තම ඉසව්වේ හොදම පෞද්ගලික දක්ෂතාවය දක්වමින් තත්පර 54.05 කින් සිය ඉසව්ව නිමා කළා.ඊයේ දිනයේදී උදාන්ත බණ්ඩාර ද උස පැනීමේ ඉසව්ව සදහා තරග බිමට පිවිසිය ද ඔහුගේ උත්සාහයන් මීටර් 1.90 ට  සීමා වුණා.ඒ නිසා ඔහුට හිමි වුණේ හයවන ස්ථානය යි.
ඒ වගේම ඊයේ පැවති බාලක මීටර් 100 නිදහස් ආර පිහිණුම් තරගයේදි ඩන්කන් මැතිව් අවසාන තරගයට පිවිසෙන්නට වරම් ලැබුවා.වාර්තාකර තිබෙන කාලයන් සසදද්දී අද බොහෝ විට ඩන්කන් පදක්කමකට යා හැකි මට්ටමක සිටිනවා.ඩන්කන් සිය මූලික තරගය තත්පර 52.43 කින් නිමා කළ අතර අවසාන පූර්ව තරගයට පිවිසීම සදහා තත්පර 52.42 කින් තරගය නිම කරන්නට සමත් වුණා.
මචිකෝ රහීම ද බාලිකා මීටර් 100 නිදහස් ආර මූලික තරගයේදී තත්පර 59.49 ක් වාර්තා කර දෙවන ස්ථානය දිනා අවසාන පූර්ව තරගයට පිවිසියද අවසාන පූර්ව වටයේදී තත්පර 59.90 ක කාලයක් වාර්තා කරමින් ඇයට දිනා ගන්නට හැකි වුණේ සිව්වන ස්ථානය යි.ඒ නිසා ඇයට අද අවසාන තරගය අහිමි වෙනවා.
www.supirikrida.com

No comments: