බස්නාහිර පළාත් මේස පන්දු සූරතාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යා පීඨයේ සමිත අබේරත්න ඇගයීමට ලක් වූ අතර විශිෂ්ඨතම ක්‍රීඩිකාව බවට පත් වූයේ කොළඹ විශාකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දුය.තරගාවලිය මොරටුව විශ්ව විද්‍යාලීය නව ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කර ගනිමින් අගෝස්තු 22 සහ 23 යන දෙදින තුළ පැවත්විණි.මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලාංකේය මේස පන්දු ක්‍රීඩාව හා සබැදි බුද්ධිමතුන්ගේ පරම්පරා නාමයක් නියෝජනය කරමින් විද්යුත් ඉංජිනේරු මහාචාර්ය ජෝෂප් රොහාන් ලූකස් සහභාගි විය.
අවුරුදු 8 න් පහළ,10 න් පහළ,12 න් පහළ,15 න් පහළ,18 න් පහළ සහ විවෘත ලෙස බාලක බාලිකා මෙන්ම කාන්තා සහ පිරිමි ලෙස ද ක්‍රියාත්මක වූ තරගාවලියේ අවුරුදු 15 න් පහළ සහ 18න් පහළ බාලිකා සූරතාවය ද,විවෘත කාන්තා ඒකල අනු සූරතාවයද දිනූ චමත්සරා දක්ෂතම ක්‍රීඩිකාව වීම සදහා සුදුසුකම් සපුරා ගැනීමේදී සිය විද්‍යලයේම හංසිනි පියුමිලා සමග එක්ව කාන්තා විවාත යුගල අනු සූරතාවයද දිනා ගන්නට සමත් විය.දක්ෂතම ක්‍රීඩකයා වූ සමිත විසින් විවෘත පිරිමි සූරතාවය දිනා ගත් අතර කසුන් කවිකේසව සමග එක්ව විවෘත පිරිමි අනු සූරතාවය දිනා ගන්නටද සමත් විය.
www.supirikrida.com

No comments:
Post a Comment