Aug 24, 2013

උදරට උදාර අවස්ථාවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය සදහා කැදවා ඇති සංචිතයට 22 හැවිරිදි උදාර ජයසුන්දරට කැදවීමක් ලැබී තිබෙනවා.මේ සංචිතය සදහාද ප්‍රසන්න ජයවර්ධන කැදවා නැති අතර සංචිතයේ කඩුලු රකින්නන් ලෙස කුමාර සංගක්කාර,දිනේෂ් චන්දිමාල්,කුසල් ජනිත් පෙරේරා,කිත්රුවන් විතානගේ සහ කෞෂාල් සිල්වා ඇතුළත් කර තිබෙනවා.සංචිතයේ එක දිගට සිය දක්ෂතා නඩත්තු කර ගැනීමේ අපහසුවකින් පෙළෙන උපුල් තරංග දකින්නට ලැබෙන්නෙ නැහැ.නමුත් එක දිගට අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමේ සිටිනවා.
අලුතින් කැදවා ඇති උදාර ජයසුන්දර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා අවුරුදු 19 න පහළ සහ 23 න් පහළ කණ්ඩායම් වලට ක්‍රීඩා කර දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකු වෙනවා.එසේම කලෙකට පසුව මෙම සංචිතයට ගෙවුණු 20/20 තරගාවලියේ දක්ෂතා සළකා ඉසුරු උදාන ද කැදවා තිබෙනවා.ඔහු එම තරගාවලියේදී තීරණාත්මක මොහොතක පන්දු යවන්නෙකු පමණක් නොව පිතිකරුවෙකු ලෙස ද කණ්ඩායමට සේවයක් කළ හැකි බවට කරන ලද ඔප්පු කිරීම ඊට හේතු වුණා විය හැකියි
මහේල,සංගක්කාර සහ ඩිල්ෂාන් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනාම මෙම සංචිතයේ දකින්නට ලැබෙන අතර,රංගන හේරත්,අජන්ත මේණ්ඩිස් සහ සචිත්‍ර සේනානනායක දග පන්දු යවන්නන් ලෙස ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරමින් කැදවා ඇති ක්‍රීඩකයෝය.ඊට අමතරව පිතිකරුවෙකු ලෙස ද යමක් කළහැකි දිල්රුවන් පෙරේරා ද සංචිතයේ දකින්නට ඇත.කැදවා ඇති තෝරා ගැනීමේ සංචිතයට ක්‍රීඩකයන් 27 දෙනෙකු ඇතුළත් වී ඇත.

No comments: