Jun 26, 2013

දිමුත් නොදැකීම

Dimuth Karunaratne scored his maiden one-day hundredව දින දෙකකින් ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී ඔවුන්ට සහ ඉන්දියාවට එරෙහිව අරඹන තුන් කොන් එක් දින තරගාවලියේදී ශ්‍රී ලකා කණ්ඩායම තෝරා ගැනීමේදි මේ මොහොත වන විට කොදෙව් තණතීරු තුළ ඉහළ දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ දක්ෂතා නොසළකා හැර තිබේ.චැම්පියන් කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ බංකු මතට ගාල් කරන්නට සිදු වූ ඇතැම් ක්‍රීඩකයන්ද ආබාධිත තත්ත්වයන් නිසා හිස් තැන් පිරවීමේදීත් කොදව් බිමේ දස්කම් දක්වමින් සිටි ක්‍රීඩකයන්ට මූලික තැන දිය යුතුව තිබුණත්,එහිදි දිගින් දිගටම දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම ‍ඒ කණ්ඩායමේ නායකයා ද වූ දිමුත් කරුණාරත්න පිළිබදව අවධානය යොමු කළ යුතුව තිබිණ.
කුසල් ජනිත් පෙරේරා චැම්පියන්ස් කුසලාන තරගාවලියේදි වේග තණතීරු වල කාලයට සමපාත වීමේ ගැටළුවකින් පසුවන තත්ත්වයක් තුළ එම තණතීරු තුළ පන්දු හොදින් දර්ශණය කර ගනිමින් සිටි දිමුත් වැනි ක්‍රීඩකයෙකු පිළිබදව වැඩි අවධාන‍යක් යොමු කළ යුතුව තිබිණ.උපුල් තරංග ද මේ මොහොතේ කණ්ඩායමට පිවිසෙන්නේ තරගකාරී වට පිටාවෙන් බැහැරව සිට බැවින් දිමුත් පිළිබදව සිතීම කළ යුතුවම තිබුණු කාරණයක් වුව,තේරීම් කමිටුව අතින් එය ගිලිහී යාම කණගාටුදායකය.
ඊයේ පැවති දෙවන එක් දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 90 කින් පරාජයට පත් වුව ද,පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිළේ ලකුණු 240 හඹා යාමේදී  පන්දු 61 කින් ලකුණු 51 ක් රැස් කළ දිමුත්, පළමු කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල සමග ලකුණු 94 ක සබදතාවයක් පැවත්වීමට ද සමත් විය.ප්‍රථම තරගයේදී ද පන්දු 105 කින් ලකුණු 89 ක් ලැබූ දිමුත් තරගාවලියේදී ශතක දෙකක් ද රැස් කරන්නට සමත් විය.එවැනි පසු බිමක වඩා විශ්වාසවන්ත තේරීම බවට දිමුත් පත් වන්නට තිබුණ ද එය එසේ සිදු වි නැත.
www.supirikrida.com


No comments: