Jun 25, 2013

නීතිඥයන්ගේ අපරාජිත බව රැකීමට අසේලගෙන් නායකත්වයේ ඉණිමක්

තෙවන කොටසේ ක්‍රිකට් සූරතාවලියේ අපරාජිත බව තව දුරටත් සුරක්ෂිත කර ගත් නීතිඥ ක්‍රිකට් කණ්ඩායම කොළම කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව එම ක්‍රීඩා පිටියේදීම ලකුණු 80 ක ජයක් ලබා ගත්තා.පළමුව පන්දුවට පහර දුන් නීතිඥ කණ්ඩායම වෙනුවෙන් එහි නායක අසේල පටබැදි හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු ලකුණු 72 ක් ලබා ගන්නට සමත් වූ අතර ගිහාන් කුලරත්න නොදැවී ලකුණු 25 ක් සහ උදිත රාජසේකර ලකුණු 24 ලබා ගනිමින් නීතිඥ ක්‍රිකට් කණ්ඩායමේ ලකුණු පූවරුව පන්දු ඕවර් 50 අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 212 ක් දක්වා ඔසවා තබන්නට දායක වුණා.අසේල පිට පිටම ලබා ගත් දෙවන අර්ධ ශතකය මෙය වන අතර ඉකුත් තරගයේදි බෝරා ක්‍රීඩා සමාජයට එරෙහිව ද වේගවත් ලකුණු 71 ක් නොදැවී ලබා ගන්නට සමත් වුණා.
පිළිතුරු ඉණිමට පිවිසි කෝල්ට්ස් කණ්ඩායම අසරණ කිරීමට ප්‍රමුඛත්වය ගත් පිට දග පන්දු යවන යොහාන් ජිනසේන,කොල්ට්ස් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 24 ට දවා ගනිද්දී තරංග අබේකෝන් සහ තුසිත රණතුංග ප්‍රතිවාදීන්ට ලකුණු 31 ක බැගින් ලබා දෙමින් කඩුලු දෙක බැගින් දවා ගත්තා.කොල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් ලකුණු 27 ට කඩුලු 2 ක් දවා ගත් ලහිරු හේරත් පිත්තෙන් ද දස්කම් දක්වමින් ලකුණු 39 ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් කැපී පෙණුනා.
www.supirikrida.com

No comments: