Jun 24, 2013

ඉන්දියාව චැම්පියන්

Virat Kohli does his rendition of <i>Gangnam Style</i>
 තරගයේ විශේෂ අවස්ථා සදහා පහත සබදතාවය භාවිතා කරන්නhttp://www.espncricinfo.com/ci/content/video_audio/644781.html
චැම්පියන්ස් කුසලාන තරගයේදී අවසාන තරගයට පිවිසෙන තෙක් අපරාජිත බව රැක ගත් ඉන්දියාව,අවසාන තරගයේදී එංගලන්තය ලකුණු 5 කින් පරදා චැම්පියන් කුසලානය තරගාවලියේ සිය අපරාජිත බව සමග ශූරතාවය ද,ඉන්දියාවට රැගෙන යන්නට සමත් වුණා.තීරණාත්මක කාසියේ වාසිය එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ට හිමි වුව ද,වර්ෂාව නිසා තරගය පන්දු ඕවර් 20 ට සීමා වුණා.තරගාවලිය පුරා ඉදිරියෙන් සිටිමින් කැපී පෙනෙන ඉන්දීය පිතිකරු සිකර් ධව‍ාන් මෙම තරගයේදී ද ලකුණු 31 ක් ලබා ගත් අතර විරාට් කෝලි ඉන්දීය පිළේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 43 ක් රැස් කළා.රවීන්ද්‍ර ජඩේජා ගේ දායකත්වය නොදැවී ලත් ලකුණු 33 ක් වුණා.පන්දු යැවීමේදී ඉන්දියාවට විශාලතම හිසරදය බවට පත් වූ ඉන්දීය සම්බවයක් ඇති එංගලන්තයේ රවී බෝපරා ලකුණු 20 ක් තුළ එංගලන්ත පිතිකරුවන් තිදෙනෙකුම ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වුණා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 129 හඹා යාමට ගත් උත්සාහයේදී ඉයින් මෝර්ගන් පන්දු 30 ක් තුළ ලකුණු 33 ක් ලබා ගනිමින් උත්සාහ ගත අතර යළිත් ක්‍රියාත්මක වූ රවී බෝපරාද පන්දු 25 දී ලකුණු 30 ක දායකත්වයක් ලබා දුන්නා.නමුත් රවිචන්ද්‍ර අශ්වින්ගේ පන්දු දග කැවීම ඉදිරියේ අසරණ වූ එංගලන්ත පිතිකරුවන්ට ඔහුගේ ඕවර් 4 තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 15 ක් වූ අතර ඒ අතර කාලයේ අශ්වින්ගේ කඩුලු පැසට එංගලන්ත කඩුලු දෙකක් ද එකතු වුණා.පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් තරගයේ වීරයා බවට පත් වූ රවීන්ද්‍ර ජඩේජා සිය පන්දු ඕවර 4 තුළ කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 24 ක් පමණක් ලබා දෙමින්.තරගාවලිය පුරා අති දක්ෂ පිතිකරණයක නියැලි සිකර් ධවාන් එම දස්කම හේතු කොට ගෙන තරගාවලියේ වීරයා ලෙස නම් කරා.
අවසාන පූර්ව තරගය තෙක් පැමිණිය ද අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාවට අවසාන තරගය ආශ්‍රිතව අසමසම කීර්තිමය වටිනාකමක් හිමි වූයේ තරගයේ ප්‍රධාන තීරක ලෙස රන්ජන් මඩුගල්ලත්,අවසාන තරගයේ විනිසුරුවරයෙකු ලෙස කුමාර ධර්මසේනත් කටයුතු කිරීම නිසයි.
www.supirikrida.com

No comments: