
ඕවරයකට ලකුණු හයකට ආසන්න වේගයකින් ජයග්‍රාහී ඉලක්කට හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න (89) සහ නිරෝෂන් දික්වැල්ල (61) පන්දු ඕවර් 24.1 දී ආරම්භක කඩුල්ලට ලකුණු 138 ක් එක් කළා.නමුත් පන්දු ඕවර 40.2 ක් ගෙවෙන තැන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 217 ට අහිමි වී තිබුණා.එම අවස්තාවේදී පිටියට පිවිසි සීකුගේ ප්‍රසන්න පන්දු 17 දී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සහිතව ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ නිසා 47 වන පන්දු ඕවරයේ සිව්වන පන්දුවේදි ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 287 දක්වා ඉහළ ගෙ යමින් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබා දීමට සීකුගේ සමත් වුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ දි සුරංග ලක්මාල් ලකුණු 45 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment