Jun 26, 2013

පාපන්දු බිමෙන් නැගෙන පාපන්දු විරෝධය

බ්‍රසීලය 2014 පාපන්දු ලෝක කුසලානයට මෙන්ම 2016 ඔලිම්පික් තරගාවලියට ද සත්කාරකත්වය දරන්නට ඉදිරිපත් වීමෙන් රටේ මහජන මුදල් අනවශ්‍යය නාස්තියකට යොමු වන බව පෙන්වමින් ලක්ෂ සංඛයාත බ්‍රසීල ජනතාව එම තරගාවලි දෙකට විරෝධය පාන්නට පටන් ගෙන ඇත.මේ වන විට ජගත් පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියද බ්‍රසීලයේ ක්‍රියාත්මක වන අතර එම තරග අවස්ථාවන්හී ද බ්‍රසීල ජනතාව මෙ‍ම විරෝධතා සදහා ලක්ෂ ගණනින් එක් වනු දැකිය හැකිය.
ජනතා ප්‍රශ්න සදහා අවශ්‍යය මැදිහත් වීම නොකරමින් රටේ මුදල් ක්‍රීඩා සැණකෙළි සදහා යෙදවීමට රජයේ ආශිර්වාදය හිමි වීම මෙම විරෝධතා කරුවෝ දැඩි ලෙස හෙළා දකිති.කෙසේ හෝ බ්‍රසීල ජනතාවගේ ආගම සමාන ක්‍රීඩාවක් වන පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයට පැමිණිමට විරෝධය දැක්වීම ඇදහිය නොහැකි කරුණක් වන අතර එය අතැම් විට සියළු ඇදහීම් සහ විශ්වාස බඩගින්න ඉදිරියේ දෙවන බවට කරනු ලබන ඉගියක් වැනිය.
කෙසේ නමුත් බ්‍රසීල රජය මේ වන විට එම විරෝධතා නොතකා හරිමින් 2014 පාපන්දු ලෝක කුසලානය පවත්වන බවට යළි යළිත් ජගත් පාපන්දු බලධාරීන් ඉදිරියේ සපත කර ඇති අතර,මේ මොහොත වන විට එරට ක්‍රියාත්මක පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේදී මෙම පීඩාකාරී තත්ත්වය තුළ ඉහළ දස්කම් දකවමින් සිටින බ්‍රසීල කණ්ඩායම අද උරගුවේ සමග තරගාවලියේ පළමු අවසාන පූර්ව තරගයට මුහුණ දීමට සූදානමින් සිටිති.

No comments: