Jun 28, 2013

කලකට පසු දුලාන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට

ලකට පසුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් විදේශ සංචාරයකට එක් වන්නට දුලාන් ප්‍රියශාන්ත ට හැකි වී තිබේ.මාතර දිස්ත්‍රික්කයෙන් මලල ක්‍රීඩාවට පිවිසි ලාල් අබේවික්‍රමයන් යටතේ පුහුණුව ලබන දුලාන් ශ්‍රී ලංකා නාවික හමුදාවට සම්බන්ධ මලල ක්‍රීඩකයෙකු වන අතර දැනට ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම මලල ක්‍රීඩකයෙකි.පසුගිය කාලයේ විශාල ලෙස පසු බැස්මකට ලක්ව සිටි දුලාන් යළිත් ඉතා කැපවීමෙන් පුහුණුව ලැබ පුනේ පැවත්වෙන 20 වන ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකා මීටර් 4 x 400 කණ්ඩායමට තේරී පත් වීමට සුදුසුක් ලබා සිටියි.
එම ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය සදහා සහභාගි වීම සදහා ක්‍රීඩකයන් අට දෙනෙකුට සහ ක්‍රීඩිකාවන් 12 දෙනෙකුට අවස්ථාව හිමි වී ඇත.ක්‍රීඩකයන් අතර උස පැනීමේ සූර මංජුල කුමාර ආසියාතික මලල ක්‍රීඩා තරගාවලි රන් පදක්කම් දෙකකටම උරුම කම් කියන ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාලතම බලාපොරොත්තුව බවට පත් වී ඇත.සචිත් මධුරංග ද පින්ලන්තයේ ලැබූ වැඩි දුර පුහුණුවකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වන ප්‍රබලතම පදක්කම් බලාපොරොත්තුවකි.නදීකා ලක්මාලි ද පින්ලන්තයේ පුහුණුව ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන පූනේ බලාපොරොත්තුවක් වන අතර ඇය පසුගිය ආසායානු ග්‍රොන්ප්‍රී තරගාවලි තුනේම හෙල්ල වීසි කිරීමේ ජයග්‍රාහිකාව වීමද ජයග්‍රහණයට අවශ්‍යය මානසිකත්වය තහවුරු කරනු ඇත.ගෙවුණු ආසියානු ග්‍රෝන්ප්‍රී තරගාවලියේදී විහාලතම පෙරළිය කළ ලාංකේය ක්‍රීඩිකාව වූ ඩබකේඑල්ඒ නිමාලි ද තරගාවලියේ ප්‍රධානතම බලාපොරොත්තුවක්ව සිටින අතර තරගාවලියට සහභාගි වන නිලධාරි ගොන්නට පදක්කම් බලාපොරොත්තුවක් වන ඇයගේ පුහුණුකරු ඇතුළත් කරන ලෙස කරන ලද ඉල්ලීම් බලධාරීන් කණකට නොගැනීම ඛේදයකි.චන්ද්‍රිකා සුභාෂණි මෙන්ම (මීටර් 400) ජගත් මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කිරීම සදහා අවශ්‍යය පරිසාධන මට්ටමට පසුගියදා ළගා වූ ඇමෙරිකාවේ සිටින ක්‍රිස්ටීන් මෙරිල් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පදක්කම් බලාපො‍රොත්තු අතර ඉදිරියෙන් වැජඹෙන ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හැටියට ගත හැකිය.
 ක්‍රීඩකයන් ලෙස මංජුල කුමාර (උස),අංජන ගුණරත්න (මීටර් 400,4 x 400),දිලහාන් ආලෝක  (මීටර් 400,4 x 400),සචිත් මධුරංග (හෙල්ල වීසිකිරීම),චානක ජයසේකර (4 x 400),කසුන් කල්හාර සෙනවිරත්න (4 x 400),දුලාන් ප්‍රියදර්ශක (4 x 400) සහ චාමර නුවන් ගමගේ (තුන් පිම්ම) යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම එක් වී සිටිති.ක්‍රීඩිකාවන් ලෙස චන්ද්‍රිකා සුභාෂණි (මීටර් 400,4 x 400),නදීකා ලක්මාලි (හෙල්ල),ඩබ්කේඑල්ඒ නිමාලි (මීටර් 800),නදීශානි ලේකම්ගේ(හෙල්ල),ක්‍රිස්ටීන් මෙරිල් (මීටර් 400 කඩුලු,4 x 400),සුජානි බුද්ධිකා (මීටර් 200),ජානි චතුරංගි (මීටර් 100),ගීතානි රාජසේකර(මීටර් 5000),
එරංගා දුලක්ෂි (මීටර් 3000 බාධක),යූඩී සදමාලි (4 x 400),උපමාලි රත්නකුමාරි (4 x 400) සහ ගීතානි පද්මකුමාරි (4 x 400) යන තරගාවලියට සහභාගි වෙති.
www.supirikrida.com

No comments: