Nov 19, 2012

වෙළද සේවා මලල ක්‍රීඩාවට අලුත් එළියක්

මෙවර වෙළද සේවා මලල ක්‍රීඩා උළෙල අලුත් හැඩයකින් සහ දීප්තියකින් යුතුව ගෙවුණු, ‍‍‍ඓතිහාසික ආරම්භයක් විය හැකි බවට ඉගි පළ කළ උළෙලක් විය.අලුත් සහ ජව සම්පන්න නිල මඩුල්ලක් මෙන්ම එහි උපදේශකයා ලෙස ප්‍රධාන අනුග්‍රාහාත්මක දිරිය ද උළෙලට එක් කළ සීමාසහිත සිලෝන් බිස්කට් හී (මංචි) නන්දන වික්‍රමගේ දැක් වූ දායකත්වයත් ඊට ප්‍රධාන වශයෙන්ම බල පෑවේය.අලුත් වූ නිල මඩුල්ල සිය ජවය සහ නිර්මාණශිලීත්වය උළෙලට සේන්දු කරන අතරේම සියළු ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් නිවැරදිය උකහා ගනිමින් එහි සහයෝගය ලබා ගැනිම සදහා දැක් වූ උනන්දුව සහ කැපවීම ද පුටුවලට පත් වූ පසු පැරන්නන් සහමුලින් අමතක කර දමා ගමන් කරන්නට හදන බොහෝ ක්‍රීඩා පරිපාලකයන්ට විශාල ආදර්ශයක් සැපයීය.

වෙළද සේවා මලල ක්‍රීඩා සංගමය අල්තෙන්ම එක් කළ මලල ක්‍රීඩා ශිෂ්‍යත්ව ප්‍රදානයේ උණුසුම් ආශිර්වාදය පළමුව විදීමේ භාග්‍යය මහනුවර මහාමායා බාලිකාවේ අක්ෂණා මාරලන්ද සහ ශ්‍රී ලංකාවේ සුපිරිතම පැරා කෙටි දුර ධාවිකාවක් වන කුමුදු සමත් විය.කුමුදු ප්‍රියංකා මෙන්ම අක්ෂනා ද ශ්‍රී ලංකාවේ නැගී එන කෙට් ධාවන සූරියන් අතර ප්‍රමුඛස්ථානය ගන්නීය.

එසේම නව වාර්තා 37 ක් උළෙලේ බිහි වූ අතර ඒ අතරට ජාතික මට්ටමේ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද වාර්තා එක් කිරීම රටේ ක්‍රීඩාවේ අනාගතය පිළිබදව සුභවාදී ආකල්ප ඇති කරන්නකි.එහිදී ජනශක්ති ආයතනය පෙරමුණ ගත් අතර විශේෂයෙන් ඒ වෙනුවෙන් තරග බිමට පිවිසි ප්‍රියංගිකා  මධුමන්ති නම් වූ උස පැනීමේ ජාතික වාර්තාලාභිය මීටර් 1.80 ක උසක් තරණය කරමින් තැබූ නව උළෙල වාර්තාව තවත් උස පැනීමේ සූරියන්ට වෙළද සේවා ආයතනවල දොරටු විවර කරන සුළු තත්ත්වයකි.

විශේෂයෙන් මේ වන විට ත්‍රිවිධ හමුදාවන් හී එක් එක් ඉසව් සදහා ඉදිරිපත් කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙළ ගස්වද්දී ඇතැම් දක්ෂයන්ට තරග වැදිමට ඉඩක් නොලැබෙන අතර මේ අතිරික්තය සදහා සිය හැකියාවන් සදහා වෙනම තරග අවස්තාවන් නිර්මාණය කිරීමට වෙළද ආයතන දොරටු විවර කරන සුළු තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සමාජ ආකර්ශනය දිනා ගැනීමට හැකි ආකාරයෙන් සංවිධානය කිරීමට වෙළද සේවා මලල ක්‍රීඩා පරිපාලනය දැරූ වියදම අගය කළ යුතුය.

මේ තත්ත්වය නිසා ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩාව පවත්වා ගෙන යා හැකි රැකියාවද,පෙරට පැමිණෙන තත්ත්වයක් ඇති වන්නේනම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධයාපනික පසුබිම උසස් කර ගැනීමටද පෙළඹවීමක් ඇති කළ හැකි අතර සිය දක්ෂතාවයට හොද දැනීමක්ද හොද රැකියාවක්ද යන පදනම ස්ථාපිත වීමෙන් ඉක්බිතිව ඇති වන තරගකාරී පසුබිම තුළ මලල ක්‍රීඩාවේ යම් ප්‍රගතියක් ඇති විය හැකිය.එසේම එය අනාගතයට දැනුවත් පිරිසක් ක්‍රීඩාවට මෙන්ම ක්‍රීඩා පරිපාලනයටද එක් කර ගත හැකි පසුබිමක් නිර්මාණය කරන තත්ත්වයක් විය හැකි බව ද සිහිපත් කරමින් මෙම ක්‍රීඩා උළෙල අගය කිරීම වටින්නේය.

තරග සංවිධානය මෙන්ම ආකල්පමය වශයෙන් සංගමය තුළ ඇති කරමින් යන වෙනස පැහැදිළි කරන්නේ පරමාර්ථය තුළ ඇති යහපත් බව ය.නමුත් එය නිවැරදිව සමාජ ගත කිරීම සදහා යහපත් මාධ්‍ය සම්බන්ධිකරණයක් පවත්වා ගෙන යාම මෙන්ම සමාප්ත සමාචාරය වැනි අවස්ථාවක එයට වාත්තීය මට්ටමේ නිවේදකයෙකු යෙදවීමේ වැදගත් කම ද,ඉදිරියේදී නිවැරදි විය යුතු බව අපේ විශ්වාසය ය.සැබවින්ම ඉක්මණින් සමාජ ගතවීමේ සහ ජනතාව අතරට යා යුතු  උළෙලක් ලෙස මෙවර මලල ක්‍රිඩා උළෙලේ තිබූ පිළිවෙල සහ අලංකරණයේ ආදර්ශය මේ රටේ වෙළද ප්‍රජාව අතර මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් විශාල උනන්දුවක් ඇති කරන සුළු වෑයමක් බවට පත් වීමට අවශ්‍යය මාධ්‍ය සහයෝගය සහ උනන්දු කිරීම අතිශයින් වැදගත්ය.

තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වෙද්දී මාස් හෝල්ඩින්ග්ස් ආයතනය සැළකිය යුතු තර්ජනයක් වෙමින් ඒ පසුපස හඹා ආකාරය ද අපූරුය.එහි ප්‍රතිපලයක් ලෙස සමස්ත අනු සූරතාවය මෙන්ම කාන්තා සහ පිරිමි සූරතාවයන් ද ගුවන් සමාගමට හිමි වෙද්දී ඒ පසුපසම රැදී අනු සූරයන් සහ අනු සූරියන් වීමට මාස් සමූහයට හැකි විය.
www.supirikrida.com

No comments: