Nov 20, 2012

රංගන හේරත් අතපසුවීම් ආවරණය කරයි

www.supirikrida.com වෙත http://nismansinghe.blogspot.com සම්බන්ධ කර තවමත් වසරක් ගෙවි නැත.ඒ අතර තුර කාලය තුළ මහත් කැපවීමෙන් නැවුම් ක්‍රීඩා ප්‍රවෘත්ති 1000 ක් මේ වන විට ඉදිරිපත් කරන්නට අපට හැකි වී ඇත.මේ දහස් වන ප්‍රවෘත්තිය වන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණයක් පිළිබද සටහනක් වීම පිළිබදව අප මහත් සේ සතුටට පත් වන්නෙමු.
Rangana Herath continued his excellent run in Galleරංගන හේරත් 1999 තරම් දුරකදී ටෙස්ට් වරම් ලබා සිය ප්‍රථම තරගයේදී ම ලකුණු 97 ට කඩුලු 4 ක් ලබා ගත්තද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් ස්ථීර කර ගැනීම සදහා ඔහුට මෑතක් වන තුරුම බලා සිටින්නට සිදු විය.ඒ මුරලිදරන් ඉවත්ව යන තුරුය.එසේම සනත් ජයසූර්ය වමතින් දග පන්දු යවමින් අතිරේක කාර්යයක් ඉටු කිරීම නිසාද  රංගනගේ ස්ථානය ඇහිරී තිබුණු අතර මේ වන විට කාලයාගේ අවෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය දග පන්දු යවන්නා බවට පත් වී ඇති රංගන ඊයේ සිය 41 වන ටෙස්ට් තරගය අවසන් කළේ සිය කඩුලු පැස කඩුලු 165 දක්වා ඉහළ නංවා ගනිමින් ය.එහිදි පමා වී පැමිණි වසන්තයෙන් උපරිම ප්‍රයෝජන ගත් 34 හැවිරිදි මේ පන්දු යවන්නා ඊයේ (19) නිමා වූ ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක් හිමි වූ නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගයේදී,ලකුණු 108 ක ට කඩුලු 11 ක් දවා ගත්තේ සිය ටෙස්ට් දිවියේ තරගයකදී කඩුලු 10 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව සටහන් කරමින්ය.එසේම ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කී රංගන,මෙම තරගයේදී ටෙස්ට් තරගයකදී ඉණිමකදි කඩුලු 5 ක් ලැබීමේ අවස්ථාවේ 11 වැන්න (65/5) සහ දොළොස් වැන්න ද (43/6) සටහන් කිරීමට මෙහිදි සමත් විය.

නවසීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගය මෑත කාලයේ ගාලු පිටියේ පැවති සෑම තරගයකදීම සිදු වූවාක් මෙන් දින තුනකින් නිමාවට පත් වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක් හිමි වෙමින් ය.නවසීල්නත දෙවන ඉණිම සම්පූර්ණයෙන්ම පාහේ හැසිරවීමට රංගන හේරත් සමත් වූ අතර ඔහු ලකුණු 43 ක් ලබා දෙමින් කඩුලු 6 ක් ලබන විට ඔහුට අනගි සහයක් ලබා දුන් නුවන් කුලසේකර ලකුණු 28 ට කඩුලු 2 ක් සහ සුරාජ් රන්දිව් ලකුණු 37 ට කඩුලු 2 ක් ලැබීමට සමත් විය.ඒ අනුව නවසීලන්ත දෙවන ඉණිම ලකුණු 118 ට සීමා වූයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 93 ට සීමා වෙමින්ය.

ප්‍රථම ඉණිමේදී අසමත් වූ දිමුත් කරුණාරත්නට මෙම අඩු ලකුණු ප්‍රමාණය ඔහු ගේ කෝඩුකාරකමට එල්ල කරන පීඩනය ලිහිල් කළ අතර ඒ අනුව ටෙස්ට් පිතිකරුවෙකුට වඩා ඔහුට ආවේනික වූ ප්‍රහාරය දියත් කරන්න ගත්තේ තමන්ට වඩා නවසීලන්ත ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් අන්දමන්ද කරමින් ය.එම ඉණිම ටෙසට් ඉනිමකට වඩා එක්දින ඉණිමක ස්වරූපය ගත් අතර පන්දු 60 ක් තුළ ලකුණු 60 ක් ඔහුගේ නමට වාර්තා වෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය වන ලකුණු 93 දක්වා පැමිණ සිටියේය.තරංග පරණවිතාන නොදැවී ලකුණු 31 ක් ලැබීය.

තරගයේ සමස්ත ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-v-new-zealand-2012/engine/current/match/582192.html සබදතාවයෙන් පිවිසීමට අවස්ථාව ඇත.
www.supirikrida.com




No comments: