Nov 19, 2012

වැස්සට නොපැරදුනොත් තරගයේ තීරණයක් නියතයි

ශ්‍රී ලංකාව සහ නවසිලන්තය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන ඇරඹෙන විට වර්ෂාවෙන් යම් බාධාවක් ඇති නොවන්නේ නම් තරගයේ ජය පරාජය නියත වශයෙන්ම තීරනය වන තත්ත්වයකට තරගය පත් ව ඇත.නවසීලන්තයේ ලකුණු 221 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකාවට මුල් පෙළ පිතිකරුවනගෙන් බලාපොරොත්තු වූ සහයෝගය නොලැබුණු අතර මහේල ජයවර්ධන (91) සහ ඇන්ජලෝ මැතිව්ස් (79) ඒ සදහා මැදිහත් නොවුණේ නම් ශ්‍රී ලංකාවට සිදු වන්නේ නවසීලන්තයට පසු පසින් සිට දෙවන ඉණිම් සදහා පිවිසෙන්නටය.
Mahela Jayawardene plays the lap sweep

ටිම් සවුති මුලු පෙළේ කඩුලු 4 ක් ම දවා ගත් අතර අවසාන භාගයේදී ජේටන් පටෙල් ගේ දග පන්දුව ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවෝ අසීරුතාවයට පත් වූහ.පටෙල් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ඉණිම ලකුණු 247 දී නිමාවට පත් වූයේ ලකුණු 26 ක මුල් ඉණිමේ වාසියක්ද සහිතවය.
දෙවන දිනය නිමා වන විට ඉණිම දෙකක් නිමා වී තිබෙන බැවින් වර්ෂාව වැනි ස්වභාවික විපතකින් හානියක් නොවුණහොත් මෙම තරගයේ විසදුමක් ලබා ගැනීමට හැකි බව පැහැදිළි බැවින් නවසීලන්ත දෙවන ඉණිම ආක්‍රමණශීලි තත්ත්වයකට පත් කිරීම අරමුණු කර ගත් බ්‍රෙන්ඩන් මැකලම්,වේගවත් රිද්මයකට ප්‍රවේශ වුව ද,තණතිල්ල ක්‍රමයෙන් දග පන්දු යවන්නන්ට හැඩ ගැසෙමින් සිටින බව අවබෝධ කර ගත් මහේල ඊට පිළිතුරු සැපයීමට රංගන හේරත් කැදවීය.ප්‍රතිපලය ලෙස රංගන ඉදිරියේ පන්දු 10 කින් හයේ සහ හතරේ පහරක් සමග ලකුණු 13 ක් ලබා සිටි මැකලම් පිටියෙන් ඉවත් විය.

ශ්‍රී ලංකාව නවසීලන්ත දෙවන ඉණිම දග පන්දු යවන්නනගේ ආදිපත්‍යයට යටත් කිරීමේ උත්සාහයක් තිබෙන බව පැහැදිළි අතර ඊයේ එක් අන්තයකින් පන්දු යැවූ සමින්ද එරංග එක් පන්දු ඕවරයකින්ම ඉවතට ගත් මහේල ඒ අවස්ථාව රංගනට පවරනු දක්නට ලැබිණ.අද දිනය ඉතා තීරණාත්මක අතර ශ්‍රී ලංකාව නවසීලන්තය අඩු ලකුණු ගණනකට දවා නොගෙන දිගු ඉලක්කයක් කරා යාමට ඉඩ සකසා ගතහොත් ජේටන් පටෙල් ඉදිරියේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට එතරම් පහසුවෙන් ලකුණු ලබා ගැනීම සිදු කිරීමට නොහැකි වන බව ස්ථිරය.
සබදතාවය ඔස්සේ මෙහි නිල ලකුණු සටහනට පිවිසීමට හැකිය.

No comments: