Nov 21, 2012

මාධ්‍ය නොමිළේ කියූ දේ ලොගාඩ් කෝටි එක හමාරකට කියයි

Haroon Lorgat Current Chief Executive of the ICC Haroon Lorgat poses for photographs at Lords on June 22, 2009 in London, England.ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය විසින් ක්‍රිකට් ආයතනයේ ඇති වංචා,දූෂණ සහ අක්‍රමිකතා පිලිබදව පෙන්වා දුන් කරුනු විශාල ප්‍රමාණයක් ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩා පරිපාලනය ‍බොහොම පිලිකුළෙන් බැහැර කරන තත්ත්වයක් අපි දුටිමු.එවැනි දේ නෑ,පොඩි ප්‍රශ්නයක් කියමින් ප්‍රශ්න හා ගැටළු මෝරා වැඩෙන්නට දුන් ඔවුන් අවසානයේ කෝටි එක හමාරක වැය කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සිටි ප්‍රධාන විධායකයා හරහා අසාර්ථකත්වයේ රෝග නිශ්චය කර ගැනීමට පෙළඹිණ.
ඒ රෝග ලක්ෂණ අනුව ජනමාධ්‍යයන් විසින් පෙන්වා දුන් බොහෝ කරුණු ඊට ඇතුළත් වන බව පැහැදිළිය.විශේෂයෙන්ම දේශපාලන මැදිහත්වීම් පිළිබදව ලොගාඩ් පෙන්වා දුන් කරුණු පිලිබදව අමාත්‍යවරයා පවසන්නේ එයින් අදහස් කරන්නේ තේරීම් කමිටුව පත් කිරීමට අමාත්‍යවරයාට ඇති බලය පිළිබදව ප්‍රකාශ වන බවය.එය මදකට එසේ තබා ලොගාඩ් ප්‍රකාශ කරන තේරීම් හි පක්ෂග්‍රාහී තත්ත්වයන් ද ගත් විට අමාත්‍යවරයාගේ මැදිහත් වීම් වක්‍රාකාරයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනයට බලපාන දේශපාලන බාධකයක් වී ඇති බව අපි දකිමු.
අමාත්‍යවරයාම කියන පරිදි තේරීම් කමිටුවට පුද්ගලයන් පත් කිරීම සිදු කරන්නේ ක්‍රිකට් ආයතනය එවන නාම ලේඛණයක් හරහාය.ඒ එවන නාම ලේඛණයේ ඇති පුද්ගල නාම 5 ක් ඒ සදහා තෝරා ගැනීම සිදු වන්නේ අමාත්‍යවරයා අතින්ය.තේරීම් කමිටුවේ සදාකාලික සාමාජිකත්වය ඇත්තන් සේ ඒ සදහා ජනමාධ්‍යය මගින් සහ ක්‍රිකට් ප්‍රේමී බොහෝ දෙනා අතරේ විවේචනයට ලක්වන නම් ම ඒ සදහා ඇතළත් වන්නේ එසේනම් අමාත්‍යවරයාගේ තෝරා ගැනීම අනුවය.මේ ක්‍රිකට් තෝරාගැනීම අයාගේ යාමට දේශපාලන මැදිහත්වීම සිදුවන එකම ආකාරය යැයි සිතුවද එයද බරපතල තත්ත්වයකි.
ලොගාඩි ගේ යෝජනා සියයට 95 ක් ක්‍රියාත්මක කරන බව කියන විට අත හැරෙන්නේ මෙවැනි කාරනාද යන්න සැක සහිතය.අප අමාත්‍යවරයාට මෙන්ම ක්‍රිකට් පරිපාලනයට ද අභියෝගයක් කරන්නෙමු.ක්‍රිකට් ක්‍රීඩා කරාට වැඩි කාලයක් තේරිම් කමිටුවේ ඉන්න ඇතැමුන්ගේ පෞද්ගලික නිශ්චල සහ චංචල දේපළ වල නිසි පිළිගත් තක්සේරුවකට යටත් කළ එම ඉපයීම් වල සාධාරණත්වය නිරීක්ෂණය කළ හැකිද?
අපි බලා සිටින්නෙමු.
‍ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමෙන් ඇති වූ මූල්‍ය අර්බූදය ගැන ලොගාඩ් ට පෙර මේ රටේ ජනතාව පිලිගත්තේ වැඩිම වුණොත් රුපියල් 50 ක් වියදම් කර ගන්නා පුවත්පතකින්ය.නමුත් ක්‍රීඩා සහ ක්‍රිකට් ප්‍රධානින්ට ඒ පිළිබදව දැන ගැනීමට ලොගාඩ් ට කෝටි එක හමාරක් ගෙවන්නට සිදු වී ඇත.ඇතැම් විට ජනමාධය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය කටයුතු කරන ආකාරයේ ඇති විවෘත සබදතාවය ලොගාඩ් විසින් ගැටළුවක් හැටියට හදුනා ගෙන ඉදිරිපත් කර ඇත්තේ තවත් කෝටි එක හමාරක් නැති කර ගන්නට එපා යනුවෙන් ක්‍රිකට් ආයතනයට ඉගි කරන අයුරෙන්ය.
කෙසේ හෝ ලොගාඩ් ගේ ප්‍රකාශනයෙන් බලාත්මක වන සියයට අනූ පහ ක්‍රිකට් සදහා වඩාත්ම වැදගත් කොටසද යන්න පිලිබදව විසදා ගන්නට තවත් කාලයක් අවශ්‍යය වනු ඇත.අපි විමසිල්ලෙන් බලා සිටිමු.
www.supirikrida.com

No comments: