
එසේම අප විසින් කළමණාකාරිය ලෙස පත් කළ වෛද්‍යවරියට එවැනි තනතුරක් දැරීම ඇයට ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීමට බාධාවක් විය හැකි තත්ත්වයක් බවත් වෛද්‍යවරිය සහ කළමණාකාරිණිය ලෙස එක් අයෙකු කටයුතු කිරීමේදී ඇති විය හැකි තාක්ෂණ දෝෂත් පෙන්වා දුන් පසු හීන් සිරුවේ එම වරද වසා ගන්නට සංවර්ධන දෙපාර්තමේන්තුවේ නෙට්බෝල් ව්‍යාපෘති නිලධාරිණිය සහය කළමණාකාරිය ලෙස කැදවීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.නොදන්නා කම හෝ සිය වරද නිවැරදි කර ගැනීම වෙනුවට දැඩි මතයක සිට නීත්‍යානුකූල තත්ත්වයන්ට මුහුණ දීමේදී ඇති විය හැකි ගැටළු පමණක් නිවැරදි කර ගෙන මෙම සංචාරය වරප්‍රසාදයක් ලෙස දිනා ගෙන සිටින නිලධාරීන්ට අමාත්‍යවරයාගේ සහ අමාත්‍යශයේ ඉහළ ආශිර්වාදයද හිමි වී තිබිම කණගාටුදායක තත්ත්වයකි.
එසේම මේ සංචාරය සදහා සහභාගි වන ඇතැම් අයට සිංගප්පූරුවට ඇතුළු වීමේ හැකියාව තිබේදැයි යන්න ද සොයා බැලිය යුතු අතර එහිදි යම් වරදකට අත් අඩංගුවට පත් අයෙකු සම්බන්ධයෙන් අප වෙත ලැබී ඇති තොරතොරු පැහැදිළි කරන්නේ සිංගප්පූරු දැල් පන්දු නිලධාරිණියක එම සිදුවීම නීත්මය වශයෙන් සිංගප්පූරුවේ නිති අංහ වල සදහන් වීමට ඉඩ නොදුන් බවක් ප්‍රකාශ කළ ද එය නිසි පරිදි පරික්ෂා කර නිවැරදි කර ගැනීමක් සිදු වී නැති බවය.විශාල වශයෙන් මේ වන විට දැල් පන්දු පරිපාලනය ආශ්‍රිතව වගකිම් පැවරෙන නිලධාරිණියක් වී ඇති ඇය වර්ථමානයේ සිය කටයුතු යහපත් ලෙස ඉටු කරන බවට ප්‍රශංසා ලැබෙමින් පැවතුණ ද ඒ තත්ත්වයට ද යම් හානියක් මේ සංචාරයෙන් අත් විය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
www.supirikrida.com
No comments:
Post a Comment