Nov 24, 2012

පළමු දිනයේම නව වාර්තා අටක්

චම්පිකා 
මෙවර යොවුන් ක්‍රීඩා උළෙලේ පළමු දිනයේම නව වාර්තා අටක් බිහි විය.ඒ අතරින් 20 න් ඉහළ කාන්තා මීටර් 800 තරගයේදී කුරුණැගල දිස්ත්‍රික්කයේ චම්පිකා දිල්රුක්ෂි විනාඩි 2:05.34 ට එම ඉසව්ව නිම කිරීම වඩාත් කැපී පෙණින.එය එම ඉසව්වේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වාර්තා කළ හොදම තෙවන කාලය වන අතර ශ්‍රී ලංකාව තුළ දී ක්‍රීඩිකාවක වාර්තා කළ හොදම දෙවන කාලය වන්නේය.ජාතික වාර්තාලාභිණිය වන ධම්මිකා ශ්‍රියාණි මැණිකේ ට පසුව වාර්තා වූ හොදම කාලයන් දෙක වාර්තා වි ඇත්තේ චම්පිකාගෙන් වන අතර ඇය ඊයේ ඊයේ ලංකාව තුළ එම ඉසව්වේ හොදම ධාවන කාලයේ දෙවන ස්ථානය ද දිනා ගත්තේ මෑත කාලයේ මැදි දුර ධාවනයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇය ලබා තිබෙන වටිනාකම තව දුරටත් රැක ගනිමින්ය.
මිලාන් 






මේ අතර ලොව කණිෂ්ඨ උස පැනීමේ සූරයන් අතර ඉකුත් ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේදී හත් වන තැන ගබා ගත් මිලාන් මධුෂ්ක දිසානායක ඊයේ නව උළෙල වාර්තාවක් තබමින් මීටර් 2.10 උසක් තරණය කරමින් අවුරුදු 20 න් පහළ උස පැනීමේ ඉසව්ව ජය ගැනීමට සමත්විය.කොළම දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුල සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙබළෙකු වන මිලාන් හංවැල්ල රාජසිංහ විද්‍යාලයෙන් ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩකයෙකි.

මිලන්ත




එසේම වර්ථමානයේ ලාංකේය දුර පැනීමේ

ඉසව්වේ සිටින සාර්ථකම ක්‍රීඩකයා ලෙස
හැදින්විය හැකි මිලන්ත මධුෂ්ක දිසානායක
මීටර් 7.65 ක දුරක් පනිමින් නව තරග වාර්තාවක්
තබමින් තමන් නියෝජනය කරන කුරුණෑගල
දිස්ත්‍රික්කයට අවුරුදු 20 න් ඉහළ දුර පැනීමේ
ජයග්‍රහණය ලබා දෙන්නට සමත් විය.ඔහු
ශ්‍රී ලංකා යුධ හමුදාවේ විදුලි සහ යාන්ත්‍රික
 ඉංජිනේරු බලකායට සම්බන්ධ සෙබළෙකු
වන අතර පොල්පිතිගම ජාතික පාසලෙන්
බිහි වූ දුර පැනීමේ සූරයෙකි.




ලේකම්ගේ



      මේ අතර පසුගියදෘ පැවති ජාතික මලල
        ක්‍රීඩා සූරතාවලියේදී හෙල්ල වීසි කිරීමේ
     ජාතික වාර්තාලාභිය මෙන්ම 2000 බීජිං
     ඔලිම්පික් උළෙල නියෝජනය සදහා සුදුසුකම්
    ලැබූ නදීකා ලක්මාලි පරාජය කරමින්
     පෙරළියක් කළ නදීශා දිල්හානි ලේකම්ගේ
     යළිත් වරක් සිය දක්ෂතාවයන් තහවුරු කරමින්
    මීටර් 49.17 ක දක්ෂතාවයක් දක්වමින්
   අවුරුදු 20 න් ඉහළ හෙල්ල වීසි කිරීම තරගය
   ජය ගත්තාය.රත්නපුර දිස්ත්‍රික්කය
   නියෝජනය කරන ලේකම්ගේ ද
      ශ්‍රී ලංකා යුධ හමුදාවට සම්බන්ධ ක්‍රීඩිකාවකි


මීටර් 10,000 ඇරඹුමේ චානුක (702)


මේ අතර වැලිමඩ ජාතික පාසලෙන් බිහිව වර්ථමානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
සම්බන්ධ වී සිටින චානුක විජේසිංහ තමන්
දුර දිවීමේ ධාවන පථය තුළ මතු ව ඇති
අලුත්ම අභියෝගය බව යළිත් වරක්
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේදී ද සහතික
කිරීමට සමත් විය.බදුල්ල දිස්ත්‍රික්කයට
 අවුරුදු 20 න ඉහළ මීටර් 10000 ජයග්‍රහණය
 හිමි කර දීමට සමත් වූ චානුක මෙම
තරගයේදී වාර්තා කළ විනාඩි 31:28:.04 ක
 කාලය යොවුන් ක්‍රීඩා උළෙලේ
නව වාර්තාවක් බවට පත් විය.
එසේම කාන්තා යගුලිය වීසි කිරීමේ ජාතික වාර්තාලාභිය පවා පවා පරාජය කරමින් දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා වීසි කිරීම් ඉසවව් අතරට පෑයූ නව බලාපොරොත්තුවක් වන කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන තාරිකා කුමුදුමාලි ප්‍රනාන්දු අවුරුදු 20 න් ඉහළ යගුලිය ඉසව්වේ නව තරග වාර්තාව සිය නමට ලියා ගැනීමට සමත් වූවා ය.ඒ මීටර් 13.90 ක දක්ෂතාවයක් දක්වමින්ය.එසේම ගෙවුණු යොවුන් ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියේ  ශ්‍රී ලංකා සංචිතයට එක් ව සිටි කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඩීඑම්පීසී දිසානායක මීටර් 62.59 ක දක්ෂතාවයක් දක්වමින් අවුරුදු 20 න් පහළ බාලක හෙල්ල වීසි කිරීමේ ඉසව්ව ජය ගත්තේ නව තරග වාර්තාවක් තබමින්ය.එසේම වයඹ පළාතේම පුත්තලම දිස්ත්‍රික්කයට අයත් යොවුන් දුර පැනීමේ සූරියක වන කේඒටී ලක්ෂානි ද ඊයේ වාර්තා පොත අලුත් කළ ක්‍රීඩිකාවක් බවට පත් වූවා ය.ඒ මීටර් 5.62 ක දක්ෂතාවයක් දක්වමින් අවුරුදු 20 න් පහළ දුර පැනීමේ ඉසව්ව ජය ගනිමින්ය.
www.supirikrida.com

No comments: