සුගතදාස ක්‍රීඩාංගණ පිහිණුම් තටාගය මෙන්ම එහි කායවර්ධන සුවතා මධ්‍යස්ථානය ද මහජනතාවට මුදල් ගෙවා සේවය ලබා ගත හැකි පරිදි විවෘත කිරීමට පියවර ගත් බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි.ඒ අනුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් පිහිණුම් තටාගයේ සහ කායවර්ධනාගාරයේ පහසුකම් භුක්ති විදීමට මෙන්ම ඒ සදහා පැමිණෙන පිරිස් සදහා රථගාල පහසුකම් ලබා දීමට සහ ආපනශාලා පහසුකම් ලබා ගැනීමට ද කටයුතු සළසා ඇත.එසේ සුගතදාස ක්‍රීඩාංගණය පරිශීලනය කරන පිරිසගේ පවුල් සදහ විශේෂ අනුග්‍රාහක පදනමක් ක්‍රියාත්මක වන බව ද ක්‍රීඩා අමාත්‍යංශය දන්වා සිටියි.
එසේම නව පරිපාලනය යටතේ වෙනස් වීමකට භාජනය කළ සුගතදාස රථගාල සහ සුගතදාස හෝටලයේ ආදායම ද රුපියල් ලක්ෂ 5 සිට මිලියන 2 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව ද එම නිවේදනයෙන් අනාවරණය කරයි.
www.supirikrida.com
එසේම නව පරිපාලනය යටතේ වෙනස් වීමකට භාජනය කළ සුගතදාස රථගාල සහ සුගතදාස හෝටලයේ ආදායම ද රුපියල් ලක්ෂ 5 සිට මිලියන 2 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව ද එම නිවේදනයෙන් අනාවරණය කරයි.
www.supirikrida.com
No comments:
Post a Comment