තායිලන්තයේ පැවත්වෙන 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් සූරතාවලියේ ශ්‍රේණිගත කිරීම් තරග වලදී ටර්කිමනිස්තානය සහ මොංගෝලියාව පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් අතරින් 13 වන ස්ථානය දිනා ගත්තා.දෙවන වටයේ තරග වලදී ජී කාන්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කුවේට් කණ්ඩායම පහසුවෙන් පරාජය කළ අතර ශ්‍රේණිගත කිරිම් තරග වල දී ටරකිමනිස්තානය වට 3 - 0 කින් ද මොංගෝලියාව වට 3 - 1 කින් ද පරාජය කරන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
ටරකිමනිස්තානය අතර පැවති තරගයේදී ලකුණු 25 - 15, 25 - 17 සහ 25 - 22 ලෙස ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දක්ෂතා අතින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින වියට්නාමයට ද තරගාවලියේ මුල් කණ්ඩායම් පහ අතර රැදීම සදහා තරග වදින්නට නියමිත ඉන්දියාවට ද එරෙහිව වටයක් ජය ගෙන සිටි මොංගෝලියාව සමග පැවති තරගය ලකුණු 25 - 20 ,25 - 19,16 - 25 සහ 26 - 24 ලෙස ද ජය ගත්තා.මෙම තරගයේදී තෙවන වටයේදි ප්‍රථම වට දෙක ජය ගෙන සිටි ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් ජය ගත් තෙවන වටයේදී විශාල ලෙස ඉදිරියට පැමිණි මොංගෝලියාව යළි සිය දක්ෂතා වලට යටත් කරමින් සිව්වන වටය තියුණු තරගයකින් පසු 26 - 24 ක් ලෙස ජය ගැනීම සදහා පුහුණුකරු චාල්ස් තිලකරත්න කල මග පෙන්විම මෙන්ම ශ්‍රී ලංකා කන්ඩායමේ තිලිණි වාසනා පෙරේරා ගේ දක්ෂතා ද ඉහළ මට්ටමකින් පැවතිම ඇගයීමට ලක්විය යුතුය තිබෙනවා.
අද තරගාවලියේ අවසාන දිනය වන අතර අසල්වැසි ඉන්දියාව තරගාවලියේ පස්වන සහ හයවන ස්ථාන තිරණය කරන තරගයට අද දකුණු කොරියාව සමග තරග වදිනවා.තරගාවලියේ තෙවන ස්ථානය තීරණය කිරීමේ තරගයට තරග වැදිමට නියමිතව ඇත්තේ ජපානය සහ තායිලන්තය යි.මෙවර ආසියානු කණිෂ්ඨ වොලිබෝල් සූරියන් කවුරුන්ද යන්න තීරණය කරන අවසාන තරගය සදහා විශාල පෙරළියක් ඇති කළ චීන තායිපේ කණ්ඩායම, චීනය සමග අවසාන තරගය සදහා ප්‍රවේශ වී සිටිනවා.
www.supirikrida.com

No comments:
Post a Comment