පන්දු යවන්නන්ට ඉතා හිතකරව පැවති ආර් ප්‍රේමදාස තණතිල්ලේ විශ්වාස කළ නොහැකි ප්‍රහාරයක් එල්ල කළ මාලන් සැමුවෙල් මෙන්ම විශ්වාස කළ නොහැකි ප්‍රහාරයකට ලක් වූ ලසිත් මාලිංග ද ශ්‍රී ලංකාවට වඩා වාසිදායක පසුබිමක් තිබූ 20 / 20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් පිළට ප්රදානය කරමින් නිමා විණි.පිත්තෙන් දක්වන ලද දක්ෂතා පදනම් කර ගෙන කොදෙව් කණ්ඩායම ද,පන්දුවෙන් දක්වන ලද දක්ෂතා ද පදනම් කරගෙන ශ්‍රී ලංකාව ද අවසාන තරගය සදහා පිවිසි අතර ඒ නිසාම මෙම තරගයේ ඉරණම කෙරෙහි කාසියේ වාසිය ද යම් බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක් තරගයට පෙර සිටම දක්නට ලැබිණ.
එවැනි වාතාවරණයක ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනට කාසියේ වාසිය අහිමි වූ අතර කාසියේ වාසිය දිනූ ඩැරන් සාමි පළමුව පන්දුවට පහර දීමට තිරණය කළේය.නමුත් රිසි සේ සිය දැවැන්ත ප්‍රහාර සදහා යාමට ඇති ඉඩ ප්‍රස්ථාව වළකමින් මුල් ඕවර් කිහිපයේදී මහේල සිය කණ්ඩායම මෙහෙයවමින් ලකුණු පාලනය සහ කඩුලු දවා ගැනීම රැක ගත්තද,කළබලයට පත් නොවුණු ඩියොන් බ්රාවෝ (19) සහ මාලන් සැමුවෙල් (78) පන්දු ඕවර් 8 ක් තුළ ලකුණු 59 ක් රැස් කරමින් සිය කඩුලු කඩා වැටීමට ඇණ තැබීමට සමත් විය.14 වන පන්දු ඕවරයේ අවසාන පන්දුවට බ්රාවෝ දැවී යන විටත් ලකුණු 73 ක් වු කොදෙව් කණ්ඩායම ලකුණු 120 න් මෙපිට නවතිනු ඇතැයි සිතිය හැකි වුව ද,ඉතිරි වූ කඩුලු ප්‍රමාණයේ වාසිය සමග අත දිග හැර පහර දෙන්නට ගත් සැමුවෙල් හයේ පහර 6 ක් ම එල්ල කරන්නට වූයේ කොදෙව් කණ්ඩායමට පෙනෙන්නට නොතිබි ලකුණු ප්‍රමාණයක් හිමි කර දෙමින්ය.
මහේල මෙම අවස්ථාවේදී හොදින් තරග ආරම්භයේ පන්දු යැවූ ඇන්ජලෝ මැතිව්ස් ගේ පන්දු ඕවර් ප්‍රමාණය නිමා කර තිබුණ අතර,ඒ ආකාරයටම ලකුණු වල ට වැට බැද තිබූ නුවන් කුලසේකර සහ අකිල් ධනංජයගේ පන්දු ඕවර් 4 නිමා නොකර සිය විශ්වාසවන්තයා වූ මාලිංග කොරෙහි වැඩි විශ්වාසයක් දරනු පෙණින.නමුත් සැමුවෙල් වැනි පිතිකරුවෙක්ට ලෝන් ඕන් - සහ ලෝන් ඕෆ් කළාප හරහා දිගු පහර සදහා පිවිසීමට තිබෙන හැකියාව,මහේල ගේ විශ්වාසය පළුදු කළේ මාලිංගගේ පන්දු ඕවර් 4 ට ලකුණු 54 ක් කොදෙව් කණ්ඩායමට එකතු කරමින්ය.සෙසු පන්දු යවන්නන් පන්දු ඕවර් 16 ක් තුළ ලකුණු 83 ක් පමණක් ලබා දෙමින් ලබා ගත් වාසිය මේ නිසා ශ්‍රී ලංකාවට අහිමි ව ගිය අතර විශේෂයෙන් අජන්ත මෙණ්ඩිස් සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 12 ක් පමණක් ලබා දෙමින් කඩුලු 4 ක් දවා ගනිමින් ඇති කළ පීඩනය කොදෙව් පිතිකරුවන්ගෙන් ඈත් විණි.ඒ නිසාම සුනිල් නරේන් වැනි විශිෂ්ඨ දග පන්දු යවන්නන්ට වාසි දායක පදනමක් ඇති බව පෙනෙන්නට තිබුණු ප්‍රේමදාස තණතීරුවේ ශ්‍රී ලංකාවට සටනක් දීමට හැකි ලකුණු 137 ක් කඩුලු 6 ක් පමණක් දැවී ලබා ගන්නට කොදෙව්වන්ට අවස්ථාව ලැබිණ.
පිළිතුරු ඉනිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ විශාල බලාපොරොත්තුවක් වූ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා දැවී යාමත් සමග ලකුණු 137 පිඩනයක් වීමේ කාර්යය ඇරඹිණ.පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් තරගවල දී වැඩි ප්‍රමාණයක ඩිල්ෂාන් ගේ දායකත්වය දක්නට ලැබුණු අතර කාලයක සිට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ජගත් වර්ගීකරණයේ ඉදිරියෙන් සිටි ඩිල්ෂාන් ගේ පන්දු යැවීමේ හැකියාවට ඇණ වැදී ඇති බැවින් මෙම තරගයේ ඔහුගේ දායකත්වය ප්රදර්ශණාතිමක පන්දු රැකීම් කිහිපයකට පමණක් සීමා විණ.එම පීඩනය නිසාම ලකුණු වේගය වැඩි කිරීමට අනතුරුදායක පහර සදහා යොමු වීමට ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත පෙළඹිමක් ඇති කළ අතර එහි ප්‍රතිඵලය වූයේ ඇන්ජලෝ මැතිව්ස් වැනි පිතිකරුවෙක් සිය උප නායකත්වයට ද ශරොත්තු නොදෙන අති අපරික්ෂාකාරී ප්‍රහාර සදහා පෙළඹීමය.මහේල පමණක් ලකුණු 33 ක් ලබමින් මුල් පෙළේ පිතිකරුවන් අතරින් කැපී පෙණුන අතර ඔහු ද දැඩි රුචිකත්වයක් ඇති රිවස් ස්විප් පහරකින් දැවී ගියේය.මහේල හැරුණු විට සංගක්කාර ලකුණු 22 ක් ලැබූ අතර තරගයේ අවසාන භාගයේදී ප්රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කළ නුවන් කුලසේකර ලකුණු 26 ක් ලැබීය.එම තිදෙනා හැරුණු පසු සෙසු පිතිකරුවන් අතරින් වාර්තා වූ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට ලසිත් මාලිංග සමත් වූ අතර ඒ ලකුණු 5 කි.ඒ නිසා සිරස් අතා ලියූ දුරකථන අංකයක් සේ දිස් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මුළු ලකුණු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අක්‍රිය වූ අතර කොදෙව් කණ්ඩායමට ලකුණු 36 ක ජයක් අත් විණි.
මේ මොහොතේ ලොව සිටින අති විශිෂ්ඨතම පන්දු යවන්නෙකු ලෙස විරුදාවලි ලත් සුනිල් නරේන් ඉතා හොදින් පන්දු යැවූ අතර ඔහු ලැබූ කඩුලු 3 වෙනුවෙන් පන්දු ඕවර් 3.4 ක් වෙනුවෙන් ලබා දී තිබුණේ ලකුණු 9 ක් පමණි.
තරගාවලියේ වැඩිම ලකුණු එකතුවෙන් ඉදිරියෙන් සිටි සහ පන්දු යවන්නන්ගේ කඩුලු දවා ගැනීම අතින් අජන්ත මෙණ්ඩිස්ට පමණක් දෙවැනි වූ ෂේන් වොට්සන් තරගාවලිලියේ වීරයා විය.2වසාන තරගයේ වීරයා සම්බන්ධයෙන් විවාද කරන්නට කාරණයක් නොතිබි අතර නොතිබි ජයක් ජයක් බවට හරවමින් දැවැන්ත ලකුණු 78 ක ඉණිමක් ක්‍රියාත්මක කළ මාලන් සැමුවෙල් තරගාවලියේ වීරයා විය.එසේම ජයග්‍රහණයට අවශ්‍යය පදනම සකසමින් කොදෙව් නායක ඩැරන් සාමි,නිසි නායකත්වයක් ප්‍රදර්ශනය කළ අතර කණ්ඩායම එක හැගීමකින් වෙලා තබා ගැනීමට ඔහු කළ කැපවීම ප්රශස්ත මට්ටමක තිබිණ.
පහත දැක්වෙන්නේ අවසාන තරගයේ ලකුණු පූවරුවට පිවිසිය හැකිය.http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533298.html
www.supirikrida.com

No comments:
Post a Comment