චීනයේ පැවත්වෙන ඔක්තෝමබර් 12 වන දා ඇරඹි නව වන ආසියානු යොවුන් කාන්තා වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සිය ප්‍රථම තරගයේදී චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ පරාජය ලැබීය.මෙවර කණිෂ්ඨ තරගාවලියේදී අනු සූරියන් වූයේද චීන තායිපේ කණ්ඩායම වූ අතර මෙම තරගයේදී එම ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකා බාලිකාවන්ව ලකුණු 15 - 2 ,15 - 6 සහ 25 - 14 ක් ලෙස පරාජයට පත් කළහ.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ඩී කාන්ඩයෙන් තරග වදින අතර එහිදී ජයග්‍රහණයක් ගැන සිතීම අසීරු වන්නේ එම කාණ්ඩයට ඇතුළත්ව සිටින සෙසු කණ්ඩායම් වන්නේ ආසියාවේ ඉහළ කාන්තා වොලිබෝල් සංස්කෘතියක් ඇති රටවල් දෙකක් ලෙස පිළී ගැනෙන චීන තායිපේ සහ දකුණු කොරියා කණ්ඩායම් වීමය.නමුත් රටවල් 13 ක් සහභාගි වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීඹ් තරග වලදී අංක 9 - සිට 13 දක්වා වන ස්ථානයන් සදහා තරග වැදී ඒ අතරින් ඉහළ ස්ථානයකට පැමිණීමට අවස්ථාව ඇත.
මූලික තරග වලදී ශ්‍රී ලංකාව ලද පරාජය මේ දක්වා ලද ඉහළම ලකුණු පරතරයක් සහිත පරාජය ලෙස දැක්වෙන අතර එහි සමස්ත ප්‍රතිපලය ගත්විට ලකුණු 75 - 22 ක් ලෙස දැක්වේ.ඉන් අනතුරුව ඉන්දියාව සමස්ත ප්‍රතිපලය 23 - 75 ක් වන ලෙස ජපානයට පරාජය වූ අතර ශ්‍රී ලංකාව චීන තායිපේ තරගයේ තෙවන වටයේ දී ලකුණු 14 ක් ලබා ගත්තද ඉන්දියාවට තරග වට 3 න් එකකදී හෝ ලකුණු 10 (ලකුණු 7,9 සහ 7) ඉක්මවා ලබා ගැනීමට නොහැකි වීම ද කැපී පෙණින.
මෙම තරගාවලියට සහභාගිවන යොවුන් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇහැලියගොඩ දර්මපාල විද්‍යාලයේ පීකේඑල් පෙරේරා විසින් ය.එච්එච්එස් ප්‍රනාන්දු,එම්ටී මධුවන්ති,ඒටීඑන් ප්‍රියදර්ශණී,ටීසීඑද්කේ ද සිල්වා,එම්එස්එන් තෙන්නකෝන්,ඒඑල්ඒඒ සදමාලි,ඩීඑච්වී කෞශල්‍යා,වයිආර්එස් කුලරත්න,එම්ටිඑම් සෙනවිරත්න,එල්එච්ටී මධුෂානි සහ ආර්පීඑස්ඩී රාජපක්ෂ කණ්ඩායමට අයත් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.
කණ්ඩායමේ පුහුණුකාරත්වය අජන්ත දහනායකට හිමි වී ඇති අතර සහය පුහුණුකරු ලෙස ආර්පි කටයුතු කරයි.ආර්එම්එස් විමලවීර කණ්ඩායමෙ අභයාසක ලෙස සංචාරයට එක්වන අතර බීඩබ්පී රංජනී කාන්තා නිලධාරිණිය ලෙස සංචාරයට එක් වී සිටින අතර කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආර්එම්එන්ජීඕ පෙරේරා ය.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට මත්තෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සමග ඡායාරුපයකට පෙනී සිටි අවස්තාව ඡායාරූපයේ දැක්වේ
www.supirikrida.com

No comments:
Post a Comment