තායිලන්තයේ පැවති 16 වන ආසියානු කාන්තා කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට චීනය සමත් වුණා.ඔවුන් අවසාන තරගයේදී චීන තායිපේ කණ්ඩායම වට 3 - 0 ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කළා.25 - 18 , 25 - 15 සහ 25 -9 ක් ලෙස චීනය විසින් තායිපේ කණ්ඩායම පරාජයට පත් කරද්දී,තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් 16 ක් අතරෙන් 13 වන තැනට පත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගාවලියේ තියුණුම තරගය වූ තෙවන ස්ථානය සදහා පැවති තායිලන්තය සහ ජපානය අතර තරගයෙන් වට 3 - 2 ක් ලෙස ජපානය ජය ගත්තා.තරගාවලියට පෙර කාන්තා ආසියානු කණ්ඩායම් අතර දෙවන ස්ථානයේ සිටි දකුණු කොරියවට මෙම තරගාවලිය යහපත් එකක් නොවුණු අතර ඔවුන් ශ්‍රේණිගත කිරීමේ තරග වල දී ඉන්දියාවට එරෙහිව වට 3 - 0 ක ජයක් ලබමින් තරගාවලියේ පස් වන ස්ථානය දිනා ගත්තා.
www.supirikrida.com
,

No comments:
Post a Comment