
එතෙක් දුරට කණ්ඩායම ඔසවා තබන්නට මාර්ගෝපදේශනය සැපයූ මහේලට හිමිවිය යුතුව තිබූ ආනන්දජනක සමුගැනීම අහිමිව යෑම ඛේදයක් බව පිළිගත යුතුය.නමුත් මීට පෙර ද ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දෙමින් සුපිරි නායකත්වයක් පෙන්නුම් කර ඇති මහේල ලොව හොදම ක්‍රිකට් නායකයා ලෙස සම්මානයට පවා පාතු වී තිබියදී සමුගත්තේද කදුළු අතරින්මය.ඒ ඔහු සමුගන්නා බව ප්‍රකාශ කළ පකිස්තානු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසාය.
ඒ නිසා ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම නායකයෙකු බව අවිවාදිත මහේල කදුළු අතරින් වෙන්ව ගියද ඒ කදුළු වල රිදී පැහැය ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිය වෙනුවෙන් නායකත්වය හරහා එකතු කළ අයෙකු ලෙස ඔහු මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන දිප්තිමත් තරුවක්ව වැජඹෙන බව නම් සහතිකය.
www.supirikrida.com
No comments:
Post a Comment