May 14, 2012

නිල්මිණි පමණක් ඉදිරියට

චීනයේ  ක්වින්හුවන්ගාඩෝ හී පැවත්වෙන ලෝක කාන්තා බොක්සිං සූරතාවලිය සදහා සහභාගිවන ක්‍රීඩිකාවන් තිදෙනා අතරින් කිලෝ ග්ෑම් 54 බර පංතියෙන් තරග වැදි නිල්මිණි ජයසිංහ පමණක් ප්‍රථම වටය ජය ගැනීමට සමත් වූ අතර අනූෂා කොඩිතුවක්කුට සහ ශිරෝමාලී වීරරත්නට මූලික වට වලින්ම ඉවතට යන්නට සිදු විණි.නිල්මිණි සිය ප්‍රතිවාදිනිය වූ ඊශ්‍රායලයේ ෂස්ට්ලින් ලිතාල් ට එරෙහිව ලකුණු 18 – 11 ක ජයක් ලබා ගැනීමට සමත් වූ අතර ඇය ඒ අනුව දෙවන වටයේදී බ්‍රසීලයේ ක්ලේලියා කොස්තා පරාජය කළ පිලිපීනයේ අපාරි ඇලිස් සමග තරග වැදීමට නියමිතය.
ආසියානු කාන්තා බොක්සි සූරතාවලියේ ලෝකඩ පදක්කම දිනූ ශිරෝමාලී වීරරත්නට මෙම තරගාවලියේදී ඉදිරියට යාම සදහා ආසියානු සූරිය වූ වෑන්ග් ඩුන්ග්මෙයි ඉඩ ලබා නොදුන්නාය.ඇය පහසුවෙන්ම ශිරෝමාලී පරාජය කරමින් කිලෝග්රෑම් 69 බර පංතියේ සිය ආධිපත්‍යය තහවුරු කර ගනිද්දී කිලෝ ග්රෑම් 51 බර පංතියට උසස් වී ඔලිම්පික් තරග අවස්ථාවක් බලාපොරොත්තුවෙන් තරග වදින ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කුට එම බලාපොරොත්තුව ඔස්සේ ඉදිරියට යාමට ඇති ඉඩ අහුරා නැගී සිටි තූර්කි ක්‍රීඩිකා යෂිසි සුමයිරා ලකුණු 18 – 8 ක් ලෙස පහසුවෙන්ම අනූෂා ව පරාජයට පත් කළාය.
www.supirikrida.com

No comments: