May 14, 2012

ජැක්ස් සහ ක්‍රේග් තූර්කිය සම්බන්ධයෙන් මත දෙකක

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානි ජැක්ස් රොග් 2020 ඔලිම්පික් සත්කාරක රාජ්‍යය වීමේ සිහිනයෙන් තරග වදින තූර්කියේ ඉස්තාන්බුල් නගරය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කරමින් එම වසරේම එහි යුරෝපා පාපන්දු සූරතාවලියද පැවත්වීමට අයදුම් කර ඇති බැවින් බැවින් ජාත්‍යන්තර තරග දෙකක් එක් වසරක් තුළ පැවත්වීමට නොහැකි බවට සිය අදහස ඉදිරිපත් කළේය.නමුත් ඊට පටහැනි අදහසක් දරන බ්‍රිතාන්‍යය ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජික සර් ක්‍රෙග් රේඩී ප්‍රකාශ කරන්නේ එසේ තරග දෙකක් සංවිධානය කිරීමේ හැකියාව පවතින බවය.
කෙසේ මේ වන විට මැඩ්රිඩ්,ඉස්තාන්බුල්,දෝහා,බාකු සහ ටෝකියෝ යන නගර අතරින් 2020 ඔලිම්පික් සත්කාරකත්වය දරන්නේ කවුරුන්ද යන්න පිළිබදව තීරණයකට එළැඹෙන්නට තවත් කාලයක් ඉතිරිව තිබෙන අතර 2020 යුරෝපා පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය පිළිබදව තීරණය හෙට (මැයි 15) විසදෙන්නට නියමිතය.    

No comments: